
හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔහුගේ නිළියකවූ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්ට එරෙහිව පැවති අපහාස නඩුව සම්බන්ධයෙන් වර්ජිනියා අධිකරණයක් බදාදා තීන්දුවක් ලබාදී තිබේ. සති 6ක් පුරා පැවති මෙම නඩු විභාගයෙන් ජොනී ඩෙප් ජයග්‍රහණය කර ඇත. ඩෙප්ට ඩොලර් මිලියන 15 ක වන්දි මුදලක් ගෙවන ලෙස හිටපු බිරියට දන්වා ඇත.
මේ අතරම හර්ඩ් ඉදිරිපත් කළ ප්‍රතිහිමිකම් තුනෙක් එකක් ඇය ජයග්‍රහණය කළ අතර ඒ අනුව ඇයට ඩොලර් මිලියන 2ක වන්දියක් හිමිවිය.
මෙය අනෙක් අතට කැරකී ආ නඩුවකි. මුලින් හර්ඩ් ඩෙප්ට එරෙහිව ගෘහස්ථ හිංසන නඩුවක් ගොනු කළාය. ඉන් පසුව නළුවා හර්ඩ්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේය. නිළි ඇම්බර් හර්ඩ් ජොනී ඩෙප්ට එරෙහිව අපයෝජනය සහ මානසික හිරිහැර කිරීම් පිළිබඳ හිමිකම් පෑවාය. හර්ඩ් උසාවියේ දුන් තීන්දුව බලාපොරොත්තු සුන් කරවන බව කියා සිටියාය. ඩෙප් කියා සිටියේ ජූරිය මට මගේ ජීවිතය ආපහු දුන්නා කියාය.
හර්ඩ් 2018 ලිංගික හිංසනය පිළිබඳව ඩෙප්ට එරෙහිව ලිපියක් ලියා තිබූ අතර මෙම ලිපිය ඩෙප්ගේ කීර්ති නාමයට හානියක් විය. මෙම ලිපිය ද්වේශ සහගත චේතනාවෙන් ලියා ඇත.
ජූරි සභාව ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් යන දෙදෙනාම එම අපහාසයට වගකිව යුතු බවට පත් කර ඇත. ඩෙප්ගේ නීතීඥ ඇඩම් වෝල්ඩ්මන්, හර්ඩ්ට එරෙහිව ඔහුගේ කීර්ති නාමයට හානි කරන ආකාරයේ ප්‍රකාශයන් කළ බව ජූරි සභාවට දන්වා සිටියේය.
තීන්දුවට ප්‍රතිචාර දක්වමින් හර්ඩ් එය කාන්තාවන්ගේ පසුබෑමක් ලෙසද හැඳින්වූවාය. අද මට දැනෙන කලකිරීම වචනයෙන් කියන්න බැරි තරම් යැයි ඇය කීවාය. මගේ හිටපු සැමියාගේ අසීමිත බලයට, බලපෑමට සහ පැටලීමට එරෙහිවීමට මෙතරම් සාක්ෂි ප්‍රමාණවත් නොවීම ගැන මම කනගාටු වෙමි.... ඇය පැවසුවාය.
හර්ඩ් සහ ඩෙප් 2015 දී විවාහ වූ අතර 2016 මැයි මාසයේදී, හර්ඩ් ඩෙප්ට එරෙහිව ගෘහස්ථ හිංසනය පිළිබඳ චෝදනාවක් ගොනු කළ අතර, යුවළ 2017 දී දික්කසාද විය. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඩෙප්ට චෝදනා එල්ල විය.

Comments
Post a Comment
Your comment will be visible after approval