
ඇමරිකාවේ අතිශය ජනප්‍රිය සම්මානලාභී ටෙලි කතා මාලාවක් වන ‘ඇට්ලන්ටා‘හි 3 වන අදියරේ තිරකතා රචිකාවියක ලෙස හිටපු ජනපති බරක් ඔබාමාගේ දියණිය මලියා ඔබාමා සම්බන්ධ කරගත් බව ඇමරිකානු මාධ්‍ය අද වාර්තා කර තිබේ.
ඩොනල්ඩ් ග්ලෝවර් ගේ නිර්මාණයක් වන ඇට්ලන්ටා ප්‍රහසන ටෙලි කතා මාලාව 2016 සිට මේ දක්වා අදියර දෙකක් අවසන් කර ඇති අතර 2022 මාර්තු 24 සිට එහි තුන්වන අදියර ආරම්භ කර තිබේ.
ඇමසන් සමාගමේ නිර්මාණයක් වන ඇට්ලන්ටා ඇමරිකාවේ විවිධ සම්මාන උළෙල වලින් මේ දක්වා සම්මාන 19 කට ආසන්න ගණනක් දිනා ඇත.
මලියා ඔබාමා නිර්මාණශීලී තරුණියක බවත් ඇයගේ රචනා ශෛලිය පුදුමාකාර දක්ෂතාවයක් පෙන්නුම් කරන බවත් ඩොනල්ඩ් ග්ලෝවර් සඳහන් කර තිබේ.
‘ඇය අලුත් අදහස් සමග ලේඛකයන්ගේ කාමරයේ සිටිනවා ඇය සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කරනවා.ඇගේ ලිවීමේ විලාසය විශිෂ්ටයි." ඔහු පැවසීය.
ඩොනල්ඩ්ගේ සහෝදරයා සහ සමීප සහායක වන ස්ටීවන් ග්ලෝවර් ද මලියා ඔබාමා සමග ඇමසන් තිර කතා මාලාව සංවර්ධනය කරමින් සිටින අතර විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ කතාව අලුත් මුහුණුවරකට ගෙනයාමට වෙහෙස දරන බව දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval