ඉරානයේ හල්ක් ලෙස විරුදාවලියට පත්ව සිටින සජාඩ් ඝාරිබි සතුව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැක්වෙන ආකාරයේ දැවැන්ත ශරීරයක් නොමැති බව බ්‍රිතාන්‍යයේ බොක්සිං තාරකාවක වන මාර්ටින් ෆෝර්ඩ් පවසයි. පසුගියදා ඩුබායි නුවරදී තමන්ට ඔහු ප‍්‍රථම වරට මුහුණට මුහුණ හමුවූ බවත්, එහිදි මෙය තේරුම් ගත් බවත් මාර්ටින් සඳහන් කරයි.ලබන අප්‍රේල් 30දා සජාඩ් සහ මාර්ටින් අතර ලන්ඩන් නුවර 02Arena ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බොක්සිං
එම විඩියෝ පට තුළද මාර්ටින් සඳහන් කළ ආකාරයට සජාඩ් යනු දැවැන්ත සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙකු නොවන බව මනාව පැහැදිලි වෙයි. "ඔහු මම අපේක්ෂා කළ පුද්ගලයා නෙමෙයි. හරී නම් ඔහු මම වගේ දෙගුණයක් විශාල වෙන ඕනේ. මම හිතන්නේ ඔහු ෆොටෝෂොප් යොදාගෙන ලෝකයම මෝඩයට අන්දවලා. ඔහුගේ ඡායාරූපවලදී ඔහු දකින තරම් පුදුමසහගත බවක් ඔහුව සැබෑ ජීවිතයේදී දැක්කම පෙනෙන්නේ නෑ. ඔහු විශාල වුණාට එහි බියජනක බවක් නෑ. ඔහු හරීයට පුහුණුවක් නොලබපු සිරුරින් විශාල දරුවෙක් වගේ." යනුවෙන් මාර්ටින් මෙහිදී පවසා ඇත. එම අවස්ථා දෙකේදීම සජාඩ් සහ මාර්ටින් එකින්නෙකා සමග ගැටුමේ යෙදෙන අතර, අවස්ථා දෙකේදිම මාර්ටින් කිසිදු අපහසුවකින් තොරව සජාඩ් තල්ලු කර බිම වටවන ආකාරයද දැකගත හැකිය. මෙම වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව ඉරාන රූපවාහිනියක් වෙන හඩමින් අදහස් දක්වා ඇති සජාඩ්,
"මට අද මගේ පවුලේ අයට කතා කරන්න බෑ. මම ඩුබායි ඉඳන් ආයිත් ඉරානයට ගියාම මට ගෙදරට යන්න බැරී වුණා. මට මගේ අම්මටයි තාත්තටයි කතා කරන්න බැහැ. අම්මට කතා කළාම ඇය කිව්වේ මේ විඩියෝ වේ ඉන්නේ තමන්ගේ පුතා නෙමෙයි කියලයි. ඇගේ පුතා මීට වඩා ශක්තිවන්තයි කියලා ඇය කියනවා." යනුවෙන් පවසා තිබේ. සජාඩ්ගේ ඉස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට මිලියන 1.1ක පමණ පරිශීලකයන් පිරිසක් සිටින අතර, ඉරානය තුළ ඔහු ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම මාර්ටින් හා තරගයට පෙරාතුව ඔහු සිය ක්‍රියාකාරකම් කිහිපයක්ම සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ අතර, එහිදී මෝටර් රථ කිහිපයක් ඇදගෙන යෑම, කොන්ක්‍රීට් කුට්ටි ඔසවාගෙන යැම සහ සිය දෑතින් බිත්ති වෙත පහරදීම යනාදී ලෙස සිය ශක්තිය පෙන්වන අවස්ථා කිහිපයක්ම විය. -













