උතුරු ජපානයේ ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් බදාදා සවස රික්ටර් මාපක 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර එය සුනාමි අනතුරු ඇඟවීමක්ද ඇති කළේය.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මුහුදේ කිලෝමීටර් 60ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
මෙම කලාපය න්‍යෂ්ටික ව්‍යසනයක් ද ඇති කළ මාරාන්තික 9.0 භූමිකම්පාවකින් සහ සුනාමියකින් විනාශ වූ උතුරු ජපානයේ කොටසකි. භූමි කම්පාව නිසා නිවාස මිලියන දෙකක විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වේ. සමහර ප්‍රදේශවල ජපානයේ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 6-ප්ලස් දක්වා ළඟා වී ඇති බව කියනු ලැබේ, එය මිනිසුන්ට සිටගෙන සිටීමට නොහැකි තරම් බලවත් වේ. ෆුකුෂිමා, මියාගි සහ යමගතා ප්‍රාන්තවල වෙසෙන ජනතාවට පසු කම්පන අපේක්ෂා කරන ලෙස දන්වා ඇත. 23:36 (GMT 14:36) ට භූමිකම්පාව සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඊසානදිග වෙරළ තීරයේ කොටස් සඳහා මීටරයක (අඩි 3.3) සුනාමි රළ පිළිබඳ උපදේශනයක් ද නිකුත් කර ඇත.
ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
කෙසේ වෙතත් ජාතික සුනාමි අනතුරු ඇඟවීමට අනුව "එක්සත් ජනපද බටහිර වෙරළ තීරය, බ්‍රිතාන්‍ය කොලොම්බියාව සහ ඇලස්කාව සඳහා සුනාමි අවදානමක් නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval