ඉරිදා දහවල් බෙලාරුස් හි ස්වයං ප්‍රකාශිත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇමතූ අතර, රුසියාව සමග සාකච්ඡා ඇරඹීමේ මැදිහත්වීම සිදු කර තිබුණි. ඒ අනුව යුක්රේන නියෝජිත පිරිස ප්‍රිප්යාට් ගඟ අසල දේශසීමාවේ දී රුසියානු දූත පිරිස හමුවීමට එකඟ වූහ.
"ප්‍රිප්යාට් ගඟ අසල යුක්රේන-බෙලාරුසියානු දේශසීමාවේ දී යුක්රේන දූත පිරිස රුසියානු දූත පිරිස පූර්ව කොන්දේසියකින් තොරව හමුවනු ඇති බවට දේශපාලනඥයන් එකඟ වී “ යැයි ප්‍රවුදා පුවත් සේවය තහවුරු කළේය.
යුක්රේන නියෝජිතයින්ගේ සංචාරය, සාකච්ඡා සහ ආපසු පැමිණීමේදී බෙලාරුසියානු භූමියේ ස්ථානගත කර ඇති සියලුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකර භූමියේ රඳවා පවත්වන බවට සහතික කිරීම සඳහා ජනාධිපති ලුකාෂෙන්කෝ වගකීම භාරගෙන ඇත.
මීට පෙර රුසියාව පැවසුවේ යුක්රේනය බෙලාරුස් දේශසීමාවේ සාකච්ඡා කිරීමට එකඟ බවයි. කෙසේ වෙතත් යුක්රේනය මුලදී දන්වා සිටියේ මිසයිල යවන තැන්වල සැකච්ඡා බැරි බවටය.මේ අනුව යුක්රේනය සිය කන්ඩායම් සාකච්ඡාවට යැවීමට කැමැත්ත පළ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval