COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රංශ රජය ගත් පියවරයන්ට විරුද්ධ වූ එන්නත්-සංශයවාදී උද්ඝෝෂණයන් පවා මෙහෙයවූ අන්ත දක්ෂිණාංශික ප්‍රංශ දේශපාලනඥයෙකු හා පාර්ලිමේන්තු සභික ජෝස් එවර්ඩ්, කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය ගිය බව එම රජය නිවේදනය කළේය.
76 හැවිරිදි එව්රාඩ් එන්නත් කිරීමද ප්‍රතික්ෂේප කර තිබුණි.
COVID-19 සීමා කිරීම් සහ සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව විරෝධතාකරුවන්ට ඔහු සමාජ මාධ්‍යවල සහයෝගය ප්‍රකාශ කර තිබු අතර එය දිරිගන්වමින් කටයුතු සංවිදානය කළේය.
"ඔහුගේ බිරිඳට, ඔහුගේ දරුවන්ට, ඔහුගේ ඥාතීන්ට, මෙන්ම ඔහුගේ සගයන්ට සහ සහයෝගිතාකරුවන්ට, අපි අපගේ හෘදයාංගම කණගාටුව පළ කරමු," ප්‍රංශ ජාතික සභාවේ සභාපති රිචඩ් ෆෙරන්ඩ් ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.
උතුරු ප්‍රංශයේ Pas-de-Calais ප්‍රදේශය නියෝජනය කරමින්, Evrard අන්ත දක්ෂිණාංශික බෙදුම්වාදී පක්ෂයක් වන Debout la France (Stand up, France) ට අනුබද්ධ දේශපාලනයේ නියැළිණි.
ප්‍රංශයේ වඩාත් ප්‍රමුඛතම එන්නත් විරෝධී ක්‍රියාකාරීයෙකු විය.
COVID-19 එන්නත්වල ඇති විය හැකි අතුරු ආබාධ සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලා ඔක්තෝම්බර් මාසයේදී Evrard පාර්ලිමේන්තු යෝජනාවකටද අත්සන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval