වර්ෂයන් දෙකකට අයත්ව නිවුන් දරුවන් ඉපදීම ගැන අසා තිබේද? එය සිදු වූයේ මිනිත්තු 15 ක පරතරයකින් උපත ලැබූ කැලිෆෝනියාවේ නිවුන් දරු යුවළක් නිසාය. දුර්ලභ අවස්ථාවක් වූ මෙම නිවුන් දරුවන්ගෙන් පළමුවැන්නා අලුත් අවුරුදු උදාවේ (2021) රාත්‍රී 11:45 ට උපත ලැබූ අතර දෙවැන්නා හරියටම 2022 මධ්‍යම රාත්‍රියේ 0.00 මෙලොව එළිය දුටුවාය.
නිවුන් දරුවන් - ඇල්ෆ්‍රෙඩෝ නම් පිරිමි ළමයෙක් සහ ඔහුගේ සහෝදරිය අයිලින් ලෙස නම් තබා ඇත.
ග්‍රීන්ෆීල්ඩ් නගරයේ ෆාතිමා මැඩ්රිගල් සහ රොබට් ටෘජිලෝට දාව උපත ලැබීය.
බබාලා දෙන්නම සනීපෙන් සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.. ඔවුන්ගේ උපතේදී, අයිලින් රාත්තල් 5ක්, අවුන්ස 14ක් (ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 2.66ක්) බරින් යුක්ත වූ අතර, වැඩිමලාවූ ඇල්ෆ්‍රෙඩෝ රාත්තල් 6ක්, අවුන්ස 1ක් (ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 2.75ක්) බරැති බව පීපල් සඟරාව වාර්තා කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval