bolivian-vp-and-6-ministers-down-with-covid-19

බොලීවියානු උපජනාධිපති ඩේවිඩි චොකුයේහුආන්කා හට තෙවැනි වතාවටත් COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. උපජනාධිපතිවරයා මීට පෙර COVID-19 ආසාදනය වූ අවස්ථා දෙකේදීම ඒ සඳහා එරට දේශීය ඖෂධ භාවිත කළ බව සදහන් කර තිබුණි. 

මේ අතර උපජනාධිපතිවරයාට අමතර රජයේ අමාත්‍යවරුන් හය දෙනකුටද මෙහිදී COVID-19 ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. ඒ අනුව ඔවුන් සියලු දෙනාම මේ වනවිට හුදෙකලා වී නිවසේ සිට රාජකාරි කරමින් සිටින බවත් බොලීවියානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.මෙම අමාත්‍යවරුන් සියලු දෙනාම පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන සිටි පිරිස් වන අතර, උපජනාධිපති ඩේවිඩි එක් මාත්‍රාවක් පමණික් ලබාගෙන සිටි අයෙකු බව පැවසෙයි.

ඔහු බොලිවියාවේ අයිමාරී ස්වදේශීය ජනවර්ගයට අයත්වීම මෙලෙස එන්නත් ලබාගැනීමට වඩා දේශීය ඖෂධ පිළිබද විශ්වාසය වැඩිවීමට හේතුව වී තිබේ. ඔහු අනාවරණය කර ඇති ආකාරයට පසුගිය මාසයේදී ඔහුට දෙවතාවක්ම COVID-19 ආසාදනය වී තිබේ.

එම අවස්ථා - දෙකේදීම තමන් ලබාගත් සාම්ප්‍රදායික ඖෂධ හේතුවෙන් සුවය ලැබූ බව ඔහු පවසා තිබේ. ඒ අනුව ඔහු මෙහිදී කහ, ඉගුරු, ලූනු, සුදුලූණු සහ මී පැණි එකතුවෙන් සෑදු මිශ්‍රණයක් දිනපතා ආහාරයට ගත් බවත්, ඊට අමතරව මීපැණි සහ දෙහි ආහාරයට  ගත් බවත් පවසා තිබේ.

එසේම කොකා පත්‍රයක් බයිකාර්බ්නේට් සමග මිශ්‍ර කර හැපීමද, සිය ස්වදේශීය ගෝත්‍රයේ ඉපැරණි ක්‍රමවේදයක් වූ බවත් පවසා තිබූ උපජනාධිපතිවරයා, සිය ස්වදේශික කණ්ඩායම් බොහෝදෙනෙකු එන්නත් ලබා නොගත් බවත් සදහන් කර තිබේ.මේ අතර වෛරස ආසාදනය වීමකින් අනතුරුව අපගේ සිරුර තුළ ඊට අදාළ ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගීම සඳහා කාලයක් ගත වන බවත්, ස්වභාවික ක්‍රමය එය බවත් උපජනාධිපතිවරයා පවසා තිබේ.