An-attempt-by-the-United-States-to-produce-a-low-cost,-non-patented-COVID-19-vaccine

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් නුවර විද්‍යාඥයන් පිරිසක් එක්ව අඩු මිල, හිමිකමක් නොමැති COVID-19 මර්දන නව එන්නනක් හදුන්වාදීම පිළිබද උත්සාහයක මේ දිනවල නිරත වන බව වාර්තා පවසයි.

ලොව වෙසෙන සියලු දෙනාටම වඩාත් පහසුවෙන් ලබාගත හැකි එන්නතක් නිපදවීම මෙහි අරමුණ බව සදහන් වෙයි. මෙහිදී දශක ගණනක් පුරා පැවැති සාමාන්‍ය ක්‍රමවේදය අනුව යමින් එම එන්නත නිපදවීම සිය අරමුණ බව ඊට සම්බන්ධව සිටින ටෙක්සාස් නුවර පිට බේලර් වෛද්‍ය විද්‍යාලයේ එන්නත් සංවර්ධනය සඳහා වන ළමා රෝහල් විද්‍යාඥයන් සදහන් කරයි.



මෙම ඒ අනුව අඩු මිලට එය නිෂ්පාදනය ද කරමින් එය බෙදාහැරීම අදහස බව  ඔවුන් පවසයි. ඒ හරහා ලොව පුරා එන්නත්කරණ අනුපාතය ඉහළ දැමීය හැකි බවත්, විශේෂයෙන්ම දුප්පත් රටවල් තුළ එම තත්වය ඉහළ නැංවිය හැකි බවත් එම පිරිසගේ අදහස වී තිබේ.

විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට මෙම විද්‍යාඥ කණ්ඩායම 2011 වසරේ සිටම Sars සහ Mers යන වෛරස සදහා අවශ්‍ය එක්කත් මූලාකෘති සංවර්ධනය කරමින් සිටින බව පැවසෙයි. ඒ අනුව ඉදිරියේදී ඔවුන් COVID-19 වෛරසය සඳහා නව එන්නතක් හදුන්වා දෙනු ඇති බවත්, එය Corbevax නමින් හෝ ලෝකයේ COVID-19 එන්නත ලෙස හැදින්වෙන ඇති බවත් සඳහන් වෙයි.



මෙහිදී එකම තාක්ෂණික ක්‍රමවේදය යොදා ගනිමින් එන්නත් 60කට වැඩි සංඛ්‍යාවක් නිපදවිය හැකි බව පෙන්වා දෙන විද්‍යාඥයන්, මෙම එන්නත් මාත්‍රා සඳහා පේටන්ට් බලපත්‍රයක් හිමිකර නොගැනීමේ අදහස නිසා ඕනෑම අයෙකුට එම එන්නත් යලිත් නිපදවීම් අවස්ථාව පවතින බවත් පවසා සිටියි. මේ අතර. ඉන්දියාව දැනටමත් මෙම Corbevax එන්නත සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර, මේ දක්වා එරට තුළ ස්ථාන 33කදී වයස අවුරුදු 18ත් 80ත් අතර වයසේ පසුවන 3,000කට එය සායනිකව බලා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් සඳහන් වෙයි. -