කුඩා සාමණේර භික්ෂූන් වහන්සේ නමක් තම පැවදි ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් සංවේදී අයුරින් ප‍්‍රතිනිර්මාණය කල පොඩි සාදු ගීතය රූප රචනාවක් සමඟ පසුගියදා එළි දැක්වුණි. මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ තනුව සමඟ සංගීතය මුසු කර ගායනා කරන්නේ 9 වසර පංතියේ සිසුවියක වන නේත‍්‍රාංජලී ඒකනායක
විසිනි. පද රචනය ඇයගේ පියාවන නන්ද ඒකනායක මහතාය. රූප රචනය තරුණ සිනමාවේදීසොඳුරු ලොකු පෝතාගම ඇතුළු fethers කණ්ඩායමෙනි. නේත‍්‍රාංජලී ඒකනායක සංගීතවත් කළ නව ගීත නිර්මාණය මදපවන යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකි අතර ”තවරන්නම් හදේ සුවඳ ̃ ලක්ෂ්මන් හේවාවිතාරණ සමඟ අනෝමා ප‍්‍රියදර්ශනී ”සුරකිමු මව්බිම ̃ අනෝමා ප‍්‍රියදර්ශනී සමඟ නේත‍්‍රාංජලී
ඒකනායක ගායනා කරන ගීත මේ වන විට රසිකයන් අතර කතාබහට ලක්වෙමින් පවතී.
නැරඹීමට පිවිසෙන්න මදපවන යූටියුබ් නාලිකාව
(සබ්ස්ක්‍රයිබ් කරන්න)
Comments
Post a Comment
Your comment will be visible after approval