මියුසික් වීඩියෝවක් රූගත කරමින් සිටිපොප් ගායිකා Maeta හට සර්පයෙකු දෂ්ට කර තිබේ. Jay Z ගේ ලේබලයෙන් Roc Nation වෙත ඇය සිදු කළ මීයුසික් වීඩියෝවක රූගත කිරීමක් අතරතුර මෙය සිදුව ඇත.
කෙටිවීඩියෝ ක්ලිප් එකේ, 21 හැවිරිදි තරුණිය සර්පයන් ගණනාවක් විසින් වට කරන ලද කාපට් එකක් මත වැතිර සිටිනු දක්නට ලැබුණි. කළු ලේස් ඇඳුමින් සැරසී සිටි ඇය වෙත එක් සර්පයෙක් එන අතර ඇගේ නිකට උඩට රිංගා
ඇයව දෂ්ට කරනු පෙනෙයි. ඇය එය සිදුවන්න පෙර අවස්ථාවේ සිනාසෙමින් සිටිනු දක්නට ලැබිණි. පැහැදිලිවම වික්ෂිප්ත වූ Maeta වේදනාවෙන් ඉවත්ව යන අතර සර්පයා ඉවතට තල්ලු කළාය. "අනේ ඒකිව මේ විදියට සපා කෑවා" ගායිකාව ඉවතට හැරෙද්දී කැමරාවෙන් පිටත සිටි පුද්ගලයෙක් පවසන්නේ වේදනාවෙනි.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙම රූගත කිරීම සිදුව ඇතිනමුත් වීඩියෝ කොටස පිටව ඇත්තේ පසුගිය සතියේය.
"ඔබ සැමට වීඩියෝ සෑදීමට අපිට වෙන දේවල් දන්නවද," කියමින් Maeta Instagram හි මෙම වීඩියෝව බෙදා ගත්තාය.
Comments
Post a Comment
Your comment will be visible after approval