දෛනිකව වාර්තා වන නව ඔමික්‍රොන් කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වීම නිසා අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලිය,කර්ණාටක හා උත්තරකන්ද් ප්‍රාන්ත තීරණය කර ඇත.
ඒ අනුව රාත්‍රී 11 සිට පසුදා උදෑසන 5 දක්වා මෙම රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
දිල්ලියෙන් අද සඳුදා දිනයේ දී පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 331ක් වන අතර ඊයේ එය 290 ක් විය.
පසුගිය ජුනි මාසයෙන් පසු ප්‍රාන්තයේ ඉහළම ආසාදිත අගය මෙය බව පැවසිනි.
මේ අතර අද දිනයේ මුම්බායි වෙතින් ආසාදිතයින් 809 ක් හා මරණ 3 ක් වාර්තාවී තිබේ.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිත ඔමික්‍රොන් යයි තහවුරු කරගත් රෝගීන් ගණන 150 කි. මේදක්වා ඉන්දියාවේ ඔමික්‍රොන් ආසාදිතයින් 600 ක් පමණ තහවුරු කරගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval