රජීව් ගාන්ධි හා සියා උල්හක් අතර වෙනස
දිනක් අගමැති රජිව් ගාන්ධි සහ ජනාධිපති සියාඋල් හක් අතර මෙවැනි දෙබසක් වී ය.
"ඔබගේ විනෝදාංශය මොකක් ද?" සියා උල් හක්, රජීව් ගාන්ධිගෙන් විමසුවේ ය.
"මිනිස්සු මං ගැන කියන විහිළු, මං එකතු කරනවා” රජීව් උත්තර දුන්නේ ය.
"එතකොට ඔබේ විනෝදාංශය මොකක් ද ජනාධිපතිතුමනි?"
"මං ගැන විහිළු කියන මිනිස්සු මං එකතු කරනවා.” සියා උල් හක් උත්තර දුන්නේ ය.
අම්මා සහ භාර්යාව
සවස වැඩ නිමවී ගෙදර පැමිණි මිනිසෙක් තමාගේ පොඩි පුතු, ගෙදර ඉදිරි පඩිපෙළ මත ශෝකයෙන් අඬමින් සිටිනු දුටුවේ ය.
"ඇයි පුතා, මොකද අඬන්නේ?” තාත්තා, තම පුතාගෙන් විමසා සිටියේ ය.
"ඔයාගේ භාර්යාවත් එක්කලා මට ඉන්ට බෑ!" ළමයා හඬමින් කියා සිටියේ ය.
දේශපාලනඥයා
"දේශපාලනඥයෙක් කියන්නේ කාටද?" ගුරුතුමිය ඇසුවා ය.
"හැම තැන ම ගිහිල්ලා කතා පවත්වන කෙනෙකුට.” පස් හැවිරිදි ශිෂ්‍යාව උත්තර දුන්නා ය.
"හොඳයි, ඒත් හරියට ම නිවැරැදි නෑ.” ගුරුතුමිය කීවා ය.
"මාත් ඉඳහිටලා කතා පවත්වනවානේ. ඒත් මං දේශපාලනඥයෙක් නොවෙයිනේ.”
"ඒක මං දන්නවා," ශිෂ්‍යාව උත්තර දුන්නේ සිනාසෙමිනි.
"දේශපාලනඥයෙක් කියන්නේ අප්සැට් කතා පවත්වන කෙනෙක්!”
Comments
Post a Comment
Your comment will be visible after approval