ආදී කාලයේ එක් රජකයෙකු එනම් රෙදි අපුල්ලන්නෙකුගේ ගෙදර බල්ලෙක් හා බූරුවෙක් සිටියෝය. බූරුවා දවල් කාලය තුළ තම ස්වාමියාට රෙදි පොට්ටනි ඇදදීමෙන් උපකාර කළේය. බල්ලා රාත්‍රියට තම ස්වාමියාගේ වස්තුව රැක දුන්නේය.
දිනක් රාත්‍රියේ සොරු රංචුවක් පැමිණ රජකයාගේ ගෙදර වස්තුව සොරාගෙන යාමට උත්සාහ ගනිදදී බල්ලාගේ බිරීම නිසා සොරු පැන ගියෝය. තවත් දිනක සොරු පැමිණි විට බල්ලා සොරු පළවා හැරියේය.
එහෙත් බල්ලාට රජකයා කිසිදු සැලකිල්ලක් දැක්වූයෙ නැත.ඉන්පසු ඌ ස්වාමියා කෙරේ කළකිරී සිටියේය. නැවත ටික දිනකට පසු සොරු රංචුව රජකයාගේ නිවසට පැමිණියෝය. එදින බල්ලා සොරුන් නොදක සිටි ආකාරයට නිදාගෙන සිටියේය.
මේ අතර බූරුවා සොරුන් දැක බල්ලාට කතා කර ස්වාමියාගේ වස්තුව ආරක්ෂ කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් බල්ලා අවදි නොවීය.
සොරු රෙදි මිටි කිහිපයක් කර තබාගෙන යන බව දුටු බූරුවා මහත් හයියෙන් කෑගසන්නට විය. රජකයා බූරුවාගේ ශබ්දයට තිගැස්සී අවදිවිය.
මූසල සතා නිසා නිදාගන්නවත් නැහැ කියමින් රජකයා දොර ඇරන්ගෙන විත් බූරුවා නිශ්ශබ්ද වන තුරුම දොර පොල්ලෙන් පහර දුන්නේය.
අනුන්ගේ වැඩ තමන් බාරගැනීමෙන් තමන් අමාරුවේ වැටෙන බව මෙම ප්‍රස්තාව පිරුළෙන් කියවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval