ඉන්දීය රුපියල් 3,500ක් වැය කර වේගවත් කොරෝනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ නොඑසේ නම් සාමාන්‍ය පරීක්ෂණයක් සිදු කරගත හැකි බවට මගීන්ට දන්වා ඇති අතර එම දෙක සඳහාම දීර්ඝ පෝලීම් පවතී.රුපියල් 500 කට සාමාන්‍ය RT-PCR පරීක්‍ෂණයක් කර ප්‍රතිඵලය සඳහා පැය 6-8ක් බලා සිටීමට සිදුවේ.
මෙම පීඩාව විස්තර කරමින් රැපිඩ් පරීක්ෂණය කළ මගියකු පැවසුවේ මිනිසුන්ට තමන්ව පරීක්‍ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් පැය දෙකක් පෝලිමේ ගත කිරීමට සිදුවන බවයි.
මුහුණු ආවරණ පැළඳගත් මගීන්ගේ දිගු පෝලිම් භෞතික දුරස්ථභාවයේ කිසිදු සලකුණක් නොමැතිව සිටින ආකාරය ඡායාරූප වලින් දැක්වෙන අතර ගුවන් තොටුපළ “උණුසුම් ස්ථානයක්” බවට පත්ව ඇත.
ඉන්දියාවේ ඉරිදා සවස වනවිට ඔමික්‍රොන් රෝගීන් 21 ක් තහවුරු කර ඇත.
(එන්ඩීටීවී ඇසුරිනි - Gossiplankanews.com)
Comments
Post a Comment
Your comment will be visible after approval