මියන්මාරයේ කතෝලික පල්ලියේ ප්‍රධානී කාදිනල් චාර්ල්ස් බෝ පසුගියදා එරට හමුදාපාලනයේ ප්‍රධානී මිස් අවුන් ගේ හ්ලායින්ගේ හා එක්ව නත්තල් කේක් ගෙඩියක් කැපීම සඳහා එක්ව සිටීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරී 01 වැනිදා සිට
මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා කුමන්ත්‍රණයත්, ඒ හේතුවෙන් රට තුළ දහස් ගණනක් දෙනා ඝාතනයට ලක්ව තවත් අතිවිශාල පිරිසක් සිරදඩුවම් ලබා සිටින අවස්ථාවකදී කාදිනල්වරයා ඊට වගකිවයුතු හමුදා පාලනයේ ප්‍රධානියාද සමගින් කේ කැපීම අනුමත කළ නොහැකි බව මෙම විවේචකයන්ගේ අදහස වී තිබේ.කෙසේ වෙතත් මෙම අවස්ථාව පිළිබදව අදහස් දක්වා ඇති මීයන්මාර මාධ්‍ය ඊයේ මෙම අවස්ථාව
නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගයක් ආරම්භයට පෙර පැවැති අවස්ථාවක් බවත්, සාමකාමී සහ සෞභාග්‍යමත් සබදතාවක් පිළිබදව කතිකා කිරීම සඳහා මෙම අවස්ථාව සංවිධානය වී තිබූ බවත් පවසා තිබේ. එසේම මෙම අවස්ථාවේදී හමුදා ප්‍රධානියා විසින් මියන්මාර කතෝලික පල්ලිය වෙත එක්සත් ජනපද ඩොලර් 1,200ක මුදලක් ප්‍රදානය කළ බවටද වාර්තාවක සඳහන්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval