මීට සති කිහිපයකට පෙර නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ ෂාලිමාර් බාග් හි නේවාසික ජනපදයක කාන්තාවකට පිරිමින් කිහිපදෙනෙකු එක්ව අමානුෂික ප්‍රහාරයක් සිදුකරන අයුරු වීඩියෝවක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කර තිබේ.


38 හැවිරිදි කාන්තාවකට පොලු සහ යකඩ පොලුවලින් මෙම අමානුෂික ලෙස පහරදීම සිදුකරන අතර ඇය සමග ආ ඇගේ දියණියටද පහරදීමක් සිදුවේ.
මෙම පහරදීම - අසල්වැසි ගොඩනැගිල්ලක සීසීටීවී වීඩියෝවක සටහන් වී ඇත - කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයෙන් බැස මද වේලාවකින් දෙදෙනාට පයින්, අතින් සහ පොලුවලින් පහර දෙන අයුරු දැක්වේ. පිරිමි  පිරිසක්, පොලු අතැතිව එකතු වී, නේවාසික ජනපදයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ දී කාන්තාවට අනුකම්පා විරහිත ලෙස පහර දීමට පටන් ගනී. පසුව එම කාන්තාව තම මෝටර් රථය අසල වැතිර සිටියදී උදව් ඉල්ලා කෑගසන්නට වූ විට සැකකරුවන් එම ස්ථානයෙන් පළායන අයුරුද දැක්වේ.
පහරදීම නිසා රෝහල් ගතවූ කාන්තාව දින 11 ක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය අතර එම කාන්තාව සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ මෙම පහරදීම AAP මන්ත්‍රීනී බන්දන කුමාරිගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.
පහරදීම සිදුකළ කාන්තාවන් දෙන්නා අත්අඩංගුවට ගෙන ඇති අතර පිරිමින් 4 දෙනා තවමත් අත්අඩංගුවට පත්ව නැත.
 AAP මන්ත්‍රීනී බන්දන කුමාරිගේ ස්වාමිපුරුෂයාට එරෙහිව පහරකෑ කාන්තාව මානව හිමිකම් නඩුවක් ගොනුකර තිබූ බැවින් මෙම පහරදීම සිදුකර ඇති බවට විශ්වාස කරයි. කෙසේ වෙතත් එකී දේශපාලනඥවරිය චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
(එන්ඩීටීවී ඇසුරිනි - Gossiplankanews.com)



වීඩියෝව පහතින්