ප්‍රහාරාත්මක පිතිකරණයක නියැළුණ නායක විළියම්සන් පන්දු 48 කදී ලකුණු 85 ක් ලබාගත් අතර ඔහු සංගක්කාර තබා තිබූ විස්සයි20 තරගාවලී අවසන් තරගයක වැඩිම ලකුණු වාර්තාව බිඳ දැමුවේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව පන්දුවාර 18.5 කදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 2 ක් පමණක් දැවී යමිනි.
මෙම තරගයේදී මිෂෙල් මාර්ෂ් නොදැවී 77 ක් රැස් කළේ පන්දු 50 කින් වීම විශේෂිතය. ඔහු විස්සයි20 වේගවත්ම 50 (පන්දු31) පසු කර වාර්තා තැබුවේය. එම ඉනිමට හතරේ පහර 6 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් විය.ඩේවිඩ් වෝනර්ගේ ලකුණු 53 ද ජයග්‍රහණයට ඉවහල් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval