
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27දා අඟහරුවාදා දිනයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදීය.
මුලින්ම සිවුවැනි හා තෙවැනි වසර වල සිසුසිසුවියන් වෙනුවෙන්ද ඉන් අනතුරුව ක්‍රමානුකූලව දෙවැනි හා පළමු වසර වල සිසුසිසුවියන් සඳහාද විශ්වවිද්‍යාල විවෘත කරන බව ඔහු පැවසීය.
මීට අමතරව ඔහු කියා සිටියේ අගෝස්තු මාසයේ ලබාදෙන පාසැල් නිවාඩුව සතියක් දක්වා සීමාකිරීමට තීරණය කර ඇති බවයි.
උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30වන දින දක්වා. 05වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03වන දා ත් සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අග සතියේ දින පවා වෙන්කරගෙන කාලසටහනකට අනුව කටයුතු කෙරන නිසා මෙම සැලසුම සකස් කර ඇති බව ඔහු පැවසිය.
Comments
Post a Comment
Your comment will be visible after approval