
නොමැති අතර, එළඹෙන ඉන්දීය දේශීය ක්‍රිකට් තරඟාවලියේදී පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම යුව්රාජ්ගේ කැමැත්ත වී ඇත. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි වෙත ලිපියක් යොමු කරමින් යුව්රාජ් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ට දේශීය තරඟ සඳහා පැමිණීමට අවසර ලබාදෙන ලෙසයි. එම ලිපියෙන් ඔහු තවදුරටත් ඉල්ලා ඇත්තේ ලොව පුරා පැවැත්වෙන ලීග (අයි.පී.එල්. වැනි) තරඟාවලි සඳහා සහභාගි වීමටද තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
සති කිහිපයක සිට ඉන්දීය දේශීය ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමේ කැමැත්තෙන් පසුවූ යුව්රාජ්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කිරීමට පෙර සිටම ක්‍රීඩකයෙකු ලෙසත් උපදේශකයෙකු ලෙසත් පන්ජාබ් කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙන බව දැනුම් දී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු මෙම වසරේ පන්ජාබ් කණ්ඩායමේ යොවුන් පිතිකරුවන් කිහිප දෙනෙකුට පුහුණු කඳවුරක්ද පවත්වනු ලැබීය. කෙසේ නමුත් යුව්රාජ් පන්ජාබ් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ විස්සයි20 තරඟ සඳහා පමණි.
පන්ජාබ් ක්‍රීඩා සමාජයෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් විශිෂ්ට ක්‍රීඩකයෙකු වන 38 හැවිරිදි යුව්රාජ් සිං, ආකෘති තුන යටතේම ඉන්දීය කණ්ඩායම නියෝජනය කළේය. එහිදී ඔහු ටෙස්ට් ලකුණු 1,900ක්, එක්දින ලකුණු 8,701ක් හා විස්සයි20 ලකුණු 1,177ක් රැස්කර ඇත. යුව්රාජ්ගේ දක්‍ෂතා අතර ආකෘති ත්‍රිත්වයෙන්ම ශතක 17ක් හා අර්ධ ශතක 71ක් වෙයි.