හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය
දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්දට ලබන 17 වැනිදා දේශපාලන

පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

ඒ ජනාධිපති කොමිසම හමුවේ චුන්නාකම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්
ඥාණලිංගම් මයුරන් මහතා ලබාදුන් ප්‍රකාශයකට අනුවය.

අද (05) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඥාණලිංගම් මහතා ප්‍රකාශ කළේ සිවලෝගනාදන් විද්‍යා
දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනයට කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂීකුමාර් හෙවත්
සුවිස්කුමාර් නැමැත්තා මුදාගැනීම සඳහා විජයකලා මහේෂ්වරන් මහත්මිය ඍජුව මැදිහත් වූ බවය.

ඒ අනුව, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට සහ කුමරන් සර්වානන්ද යන අයටත් සැප්තැම්බර්
17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිණි.