පසුගිය වසරේදී ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියාව සහ සිරියාව සම්බන්ධයෙන් ඔහු කළ සේවය වෙනුවෙන් සාම ත්‍යාගය ලැබීමට ඔහු සුදුසු බවයි.



කෙසේවෙතත් ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර  ඇතිවූ නව ගනුදෙනු සම්බන්ධතා වෙනුවෙන් උදව් කිරීම හේතුවෙන් නෝර්වීජියානු නීති සම්පාදකයෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ව 2021 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

නමුත් නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයින් දහස් ගණනක් සුදුසුකම් ලබා ඇති අතර නොබෙල් කමිටුව මේ සමබන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේවුවද ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාමය සඳහා ඔහු දැක්වූ දායකත්වය ඉතා අගනා බව දක්ෂිනාංශික ප්‍රගති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස්ටියන් ටයිබ්‍රින් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි. උතුරු කොරියාව හා සිරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමට දැරූ ප්‍රයත්නයන් වෙනුවෙන්ද ට්‍රම්ප් 2019 වසරේදී සම්මානය සඳහා නම් කරන ලද්දේ ටයිබ්‍රින් විසිනි. පසුගිය වසරේදී ට්‍රම්ප් විසින්ද උතුරු කොරියාව සහ සිරියාව සම්බන්ධයෙන් ඔහු කළ සේවය වෙනුවෙන් සාම ත්‍යාගය ලැබීමට තමන් සුදුසු බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින්ද මෙම සාම ත්‍යාගය දිනාගනු ලැබ ඇත.

මෙම වසරේ සම්මානය සඳහා නාමයෝජනා භාරදීම ජනවාරි 31 වන දිනෙන් අවසන් වන අතර එහි ජයග්‍රාහකයා ඔස්ලෝහිදී  ඔක්තෝබර් 9 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Rishmi Ishara