බැට්මෑන් චිත්‍රපටයේ වැඩ කටයුතු කොරෝනා වෛරසයට රට අගුලු දැමීම හේතුවෙන් ටික කලෙකට නවතා දැමුවද අගුලු දැමීමේ රීති ලිහිල් වීමත් සමඟ නැවත එහි වැඩ ආරම්භ කෙරුණි. නමත් ඉන් දින කිහිපයකට පසු ද බැට්මෑන් චිත්‍රපටයේ රූගත කිරීම් නැවත අත්හිටුවීමට සිදුව ඇත්තේ එහි ප්‍රධාන නළු රොබට් පැටින්සන් කොරෝනාවට ධනාත්මක වීම හේතුවෙනි.

එමෙන්ම මෙහි නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකුද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නමුත් එම පුද්ගලයා කවුරුන්දැයි කිව නොහැකි බව වර්නර් බ්‍රෝස් පවසා ඇත.


මෙම වසර මුලදී ග්ලාස්ගෝහි මෙහි රූගත කිරීම් ආරම්භ කළ නමුත් වෛරසය හේතුවෙන් එය නතර වූ බවත් දැන් මෙම හේතුව නිසා නැවතත් එහි රූගත කිරීම් තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බවත් චිත්‍රාගාර ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය නළු පැටින්සන් ලන්ඩන් නුවරදී රූගත කිරීම් නැවත ආරම්භ කිරීමෙන් පසු ඔහුට මෙම වෛරසය වැලඳී ඇත.

මෙම බැට්මෑන් චිත්‍රපටය මුලින් 2021 ජුනි මාසයේදී මුදා හැරීමට නියමිතව තිබූ නමුත් දැන් එය 2021 ඔක්තෝබර් දක්වා ප්‍රමාද වී ඇත.