මරණීය දණ්ඩනය නියම වූ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී
ප්‍රේමලාල් ජයසේකර මහතාට, පාර්ලිමේන්තු සභා වාර සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන්නේ ද

යන්න පිළිබඳ තීරණය එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අභියාචනාධිකරණය ඊයෙ ප්‍රකාශ
කළේය‍
ඒ, තමන්ට පාර්ලිමේන්තු සභා වාර සඳහා සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස්
ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර විසින් අභියාචනාධිකරණයට ගොනු
කරන ලද රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය .

මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ
බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්
පෙත්සම්කරු සිය පෙත්සම හරහා සඳහන් කර තිබිණි.

තාරක සම්මාන්