
හමුවූ බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (කැනීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් භාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය. එහි මතුපිට පරික්ෂා කිරිමේදී ශිලා මෙවලම්, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ, ගල් ආයුධ පාශාණභූත වූ ද්‍රව්‍ය ආදී සාධක හමුවූ බවද ඔහු සඳහන් කළේය. වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කළු ගල් කොරියක් සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳව කරුණු සොයාබැලීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනකු එම ගල් කොරිය ආසන්නයේ පිහිටි මෙම ගල් පර්වතය දෙසට ගොස් නිරීක්ෂණයකදී මෙම ගල්ලෙන සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.
දේශපාලන විප්ලවවලට සම්බන්ධවූවන් එම ගල්ලෙනෙහි සැඟවී සිටි බව ප්‍රදේශවාසීන් පවසන්නේ යැයි කී නිමල් පෙරේරා මහතා එසේම ප්‍රාග් ඉතිහාසයේද මෙහි මානවයන් පදිංචිවී සිටි බවට එම ස්ථානයෙන් තොරතුරු සහ සාක්ෂි ලැබෙන්නේ යැයි බව පැවසීය. විශේෂයෙන්ම මෙහි මතුපිට පරික්ෂා කිරීමේදී ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර කොටස්වල අවශේෂ ලෙස කැකුණ ආදීය හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙම ස්ථානය අවට ගල් කැඩීමෙන් රටට තිබෙන ප්‍රාග් ඓතිහාසික උරුමය අහිමිවිය හැකි බවත්, ගල් කැඩීමට සිඳුකරන පිපිරීම්වලින් මෙහි පාෂාණ තට්ටුවලට හානි සිඳුවිය හැකි බවත් ඔහු කීවේය. ගල් පිපිරීම නිසා කිසියම් කම්පනයක් ඇතිවුවහොත් එම පස් තට්ටුවලින් ප්‍රයෝජනයක් නොමැති බවත්, නියම තොරතුරු ලබාගත හැක් නිරවුල් පස් තට්ටු අතරින් පොළොව දක්වා කැනීම් සිදුකිරීමෙන් බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මෙවැනි ගල්ලෙන් ආරක්ෂා කළ යුතු බව කී ආචාර්යවරයා මෙම ස්ථානය අවට ගල්කැඩිම වහාම නැවැත්වීමට බලධාරින් පියවර ගතයුතු බවද කීවේය. පහත රට තෙත් කලාපයේ කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගල්ලෙන් ගණනාවක් පිහිටා ඇති බවත්, ඒ අතරින් කළුතර දිස්ත්‍රියේ ගල් ලෙන් විශාල සංඛ්‍යාවක් තිබෙන බවද ඔහු කීවේය. දැනට හඳුනාගත් ප්‍රධාන ගලෙනක් වන පාහියන් ලෙන දකුණු ආසියාවේ පැරණිම ජපාවංසය ලෙස හඳුනාගෙන තිබෙන බවද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය. එහි වසර 48000 කට පෙර පැරණිම ජනාවාස තිබූ බවටත්, එහි ජීවත්වී ඇත්තේ හෝමෝ සේපියන් නම් නූතන මානවයා බවටත් හඳුනාගත් පාහියන් ලෙනේ ද සාධක බොහොමයක් හමුවූයේ එම ලෙනට යාබදව පිහිටි ගල් ඇන්දක් අසලින් බව හෙතෙම කියා සිටියේය.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේල්කම් රන්ජන් පී. පෙරේරා මහතා පැවසුවේ, මෙම ගල්ලෙන පිළිබඳව ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම් දුන් අවස්ථාවේදීම එම ස්ථානය අසල පවත්වාගෙන ගිය ගල් කොරියේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි. පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි ඒ.ඩී.සී.මාලනී මහත්මිය සහ සංවර්ධන සම්බන්ධකාරක එම්.ඒ.බී. ප්‍රසන්න මහතා සමග එම ගල්ලෙන පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගිය බවත්, එම ස්ථානය පැරණි මානවයා භාවිතා කළ ගල්ලෙනක් බවට සාක්‍ෂි තිබෙන බවත් හෙතෙම කීවේය. පුරාවිද්‍යා නිලධාරීන් සහ ඒ පිළිබඳ විශේෂඥයින් කරන පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබඳව බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරියගෙන් චාර්ෂවක් ඉල්ලා තිබෙන බවත්, ඉදිරියේදී එම වාර්තාව අනුව ගතයුතු පියවරගන්නා බවත් සඳහන් කළේය.
-බන්දු තඹවිට-