අමිතාබ් බච්චන් සිය බ්ලොග් අඩවියේ විවිධ තරඟකරුවන් සමඟ පවත්වන සිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වන Kaun Banega Crorepati පිළිබඳව සටහනක් ලියා තිබුණි. එහිදී ලබාදෙන චෙක්පතේ ඇති බින්දු  ගණන, කොපමණ සංඛ්‍යාවක් විසින් ගණන් කරනවාද යන්න ඔහු එහිදී නිරීක්ෂණය කළ බවත් එම සටහනේ ඔහු ලියා තිබුණි.
මීට මාසයකට පෙර  අමිතාබ් බච්චන් කෝවිඩ් -19 වෙතින් සුවය ලැබුවද Kaun Banega Crorepati  (කේබීසී) වැඩසටහන් මාලාවත් සමඟ ඔහු දිගටම රැඳී සිටියි. 77 හැවිරිදි ඔහු එකදිගටම එහි රූගත කිරීම් සිදු කර ඇති අතර බ්‍රහස්පතින්දා දින පැය 17 කට ආසන්න කාලයක් මෙසේ රූගත කිරීම් වෙනුවෙන් කැප කර තිබේ.

මෙහිදී ඔහුව මුණගැසීමට පැමිණෙන බොහෝ තරඟකරුවන් ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළම කිසි විටෙකත් මෙවැනි වටිනා චෙක්පතක් පරීක්ෂා කර නැති අය බව ද ඔහු සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් ඔහුගේ වර්තමාන කාර්යයන් පිළිබඳව මධ්‍යම රාත්‍රියේ සිය බ්ලොග් අඩවියට ලියූ අමිතාබ් පණිවිඩය ආරම්භ කරන්නේ “Back from work a little while ago .. and that would be an almost 17 hrs of work in a day ලෙස පල කරමිනි. එමෙන්ම මෙහිදී කෝවිඩ් 19ට තමා ප්‍රතිචාර දක්වා ඇති ආකාරයත්, දිවා කාලයේදී කේබීසී වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙනුත් ඔහු අදහස් පල කර තිබුණි. එහිදී වැඩසටහනේ විවිධ කොටස් සඳහා ඇඳුම් මාරු කිරීමට අවශ්‍ය බව ද එය තරමක් අනතුරුදායක බවද පවසා ඇත.

කේබීසීහි මෙම තරඟය පිළිබඳව අදහස් දැක් වූ ඔහු මෙම උණුසුම් ආසනය තුළ කෙරෙන ක්‍රීඩාව තුළින් කෙටි කාලයක් ඇතුළත පැමිණෙන සියල්ලන්ටම තම ජීවිත වෙනස් කරගත හැකි බව පවසා තිබුණි. මෙහි පළමු වටයේදී වේගයෙන් පිළිතුරු ලබා දෙන තැනැත්තා තේරී පතවන බැවින් අනෙක් සාමාජිකයන්ගේ හැඟීම් බිඳී යාම පිළිබඳවද ඔහුට සංවේදීභාවයක් දැනෙනු ඇතැයිද එහිදී පවසා ඇත.

කෙසේවෙතත් මෙම තරඟය තුළින් තරඟකරුවන්ට ඔවුන්ගේ මූල්‍යමය තත්ත්වය ශක්තිමත් කරගත හැකි බවද, බැංකු ණය, වැඩිහිටියන්ගේ අසනීප, යම් ස්ථීරභාවයක් සඳහා නිවහනක් සාදා ගැනීම ඇතුළු සමස්ථ පරම්පරාවේම අනාගතය වෙනස්කිරීමට මෙම වැඩසටහනට හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම බොහෝ දෙනෙක් මෙතරම් වටිනා චෙක් පතක් සඳහා මීට පෙර හිමිකම් කියා නැති බැවින් වැඩසටහන තුළදී ලැබෙන මෙම චෙක්පතෙහි එම ප්‍රමාණය සඳහන් කරන බින්දු ගණන පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවනු ඇති බව ද තමන් නිරීක්ෂණය කර ඇතැයි අමිතාබ් සඳහන් කර ඇත.
රිෂ්මි ඉෂාරා