තෙළිඟු රූපවාහිනී නිළයක වන ශ්‍රවානි කොන්ඩපාලි අඟහරුවාදා දින හයිද්‍රාබාද්හිදී සියදිවි නසාගෙන මිය ගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 26 කි.

ඇගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි, ස්නානය කිරීමේ මුවාවෙන් ශ්‍රවානි සිය කාමරයට ඇතුළු වී තිබේ. නමුත් ඇය පැයකට අධික කාලයක් සිය කාමරයෙන් පිටතට නොපැමිණීම හේතුවෙන් පවුලේ පිරිස කාමරයේ දොර විවෘත කර ඇති අතර එහිදී ඔවුන්ට ඇගේ සිරුර දැක ගැනීමට ලැබී ඇත. කෙසේ නමුත් සියදිවි නසාගැනීමට අදාළ කිසිඳු සටහනක් පොලිසිය විසින් මෙතෙක් සොයාගෙන නැත.

ශ්‍රාවානි කොන්ඩපාලිගේ පවුලේ සාමාජිකයන් විසින් ඇගේ මෙම සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් හිටපු මිතුරෙකු වූ දේවරාජු වෙත චෝදනා නගා ඇත.

එස්.ආර්. නගර් පොලිසිය පවසා ඇත්තේ ශ්‍රවානිට හිරිහැර කිරීමේ චෝදනාව මත දේවරාජු ජුනි මාසයේදී අත්අඩංගුවට ගැනුණු බවත් ඔහුව විවාහ කර ගන්නා ලෙස ඔහු විසින් ඇයට බල කර ඇති බවත්ය. කෙසේවෙතත් ශ්‍රිවානිගේ පවුලේ පිරිස මෙම මරණය සම්බන්ධයෙන් දේවරාජුට එකහෙළා චෝදනා කරනු ලබයි.

මේ හේතුවෙන් දේවරාජුට එරෙහිව අයිපීසී 306 වගන්තිය යටතේ නඩු පවරා ඇති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.