දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ බුද්ධ මන්දිරයක වීදුරු ආවරණයට අපද්‍රව්‍යවලින් පහරදුන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කරන බව දිවුලපිටිය පොලිසිය පවසයි.
දිවුලපිටිය
හොරගස්මුල්ල රෝහල පිටුපස මාර්ගයේ පිහිටි බුද්ධ මන්දිරයට මෙම අපද්‍රව්‍ය ප්‍රහාරය එල්ල කර තිබුණේ පෙරේදා (13) අලුයමය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට සහ මෙම ක්‍රියාව සිදු කිරීමට හේතුව සොයාගැනීම සදහා දිවුලපිටිය පොලීසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.