රැප් ගායක රැෆ්ටාර් COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු කර ඇති අතර ඔහු විසින් තම ඉන්ස්ටග්රෑම් ගිණුම තුළ මෙම පුවත වාර්තා කර තිබුණි.  එමෙන්ම මේ හේතුවෙන් තමන් නිවස තුල ස්වයං නිරෝධායනය යටතේ සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.



කෙසේ වෙතත්, රැෆ්ටාර් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ඉතා ශක්තිමත්ව සිටින  බැවින් මෙය යම් කිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලැබුණු ප්‍රතිපලයක් යැයි තමන්ට හැඟෙන බවයි. එමෙන්ම එම පණිවිඩයේ ඔහු තමන්ට COVID පරීක්ෂණයක් කිරීමට වූ බවත් එහි පළමු පරීක්ෂණ දෙක සඳහා තමන් සෘණාත්මක වූ බවත් සඳහන් කර ඇත. නමුත් අවසන් පරීක්ෂණ ප්‍රතිපලය ධනාත්මක බවට වාර්තා වීම හේතුවෙන් BMC විසින් තමාට හුදෙකලා වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බවඳ ඔහු එහි සඳහන් කරනු ලැබීය.

කෙසේවුවද මෙහි කිසියම් තාක්ෂණික දෝෂයක් තිබිය යුතු යැයි ඔහුට හැඟෙන බව  රැෆ්ටාර් පවසා තිබේ. ඊට හේතුව ඔහු විසින් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වීමත් කිසිඳු අපහසුතාවයක් තමන් හට නොතේරීමත් බවද ඔහු පවසයි. එබැවින් තමන්ට රෝගය ඇතැයි ඔහු නොසිතන බව රැෆ්ටාර් පවසා ඇත. නමුත් ස්වයං නිරෝධායනය වීම තමන්ගේ යුතුකමක් වන බැවින් එය සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් තමන් පිළිබඳව ශෝක නොවැන්නැයි තම රසිකයන් වෙත පවසන රැෆ්ටාර් ඔහුගේ සෞඛ්‍යය පිළිබඳව දිගින් දිගටම සියලුදෙනා යාවත්කාලීන කරන බවද දැනුම් දී තිබේ.

මීට පෙර ඉන්දියාවේ ප්‍රබල චරිත වන අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආරධ්‍යා බච්චන්, කනිකා කපූර්, අයිශ්වර්යා රායි බච්චන් වැනි අයද මෙම කෝවිඩ් වෛරසය සඳහා ධනාත්මක වූ බව නොරහසකි. කෙසේවෙතත් මෙම රැප් ගායකයා ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදකවරයකු වීමටද සූදානමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
Rishmi Ishara