සාමාන්‍ය කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ජනප්‍රිය ගායක එස්.පී.බාලසුබ්‍රමනියම් (74) මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර දැඩි සත්කාර ඒකකයට (ICU) මාරු කර යවා තිබේ. ඔහුගේ තත්වය එක රැයකින් හදිසියේම නරක අතට හැරී
ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.  ඔහු දැනට ජීවිතාරක්ෂාව සඳහා යන්ත්‍ර සවිකර දැඩි සත්කාර ඒකකයේ සිටින බව පැවසේ.


අගෝස්තු 5 වන දින  ඔහු කොරෝනා වයිරස සඳහා ධනාත්මක වූ නිසා චෙන්නායි හි චූලයිමෙඩු හි එම්ජීඑම් රෝහලට ඇතුළත් කර තිබුණි. සමාජ මාධ්‍ය වෙත ඔහු රසිකයින් වෙනුවෙන් දන්වා සිටියේ “පසුගිය දින 2-3 තුළ මට සුළු අපහසුතාවයක්, පැමිණියා. එය ගායකයෙකුට විකාරයක් වගේ හිරිහැරයක්. මට එය නොසලකා හැරිය නොහැකිවුණා. රෝහලට ගොස් පරීක්ෂා කළ පසු ඔවුන් පැවසුවේ එය කොරොනා ධනාත්මක බවයි.“
ගායක එස්.පී.බාලසුබ්‍රමනියම් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් සෞඛ්‍යය නිරීක්ෂණය කරන බව පැවසෙන අතර, මෙම කම්පිත ප්‍රවෘත්තිය ඇසූ ඔහුගේ හිතවතුන් ඔහු වෙනුවෙන් යාඥා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.