එල්ටීටීඊයේ හිටපු සාමාජිකයෙකු වුවද තමන් ප්‍රජාතන්ත්‍රවාදය වැලඳගෙන ඇති බව දෙමළ මක්කල් විතුතලෙයි පුල්ලිකාල් (ටීඑම්වීපී) පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් අද
පාර්ලිමේන්තුවට පැමිණ පැවසීය.
සිරගෙදර සිටියදී විශේෂ අවසරය මත පැමිණ දෙමළ  බසින් පවත්වනු ලැබූ ඔහුගේ කතාව තුළදී තවදුරටත් ඔහු කියා සිටියේ ඔහු යෞවනයෙකු ලෙස එල්ටීටීඊයට සම්බන්ධ වූ නමුත් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අවතීර්ණ වූ බවය.
රට සංවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උත්සාහයට සහාය දෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට දරන සියලු උත්සාහයන්ට තම පක්ෂය සහාය දෙන බවත් ඔහු කීය.
සෑම පාර්ලිමේන්තු සැසිවාරයකටම සහභාගී වීමට තමාට අධිකරණ අනුමැතිය අවශ්‍ය බව පිල්ලයාන් ඒ සමග පැවසීය.