ඊයේ (8) සවස අතුරුගිරිය පොලිස් වසමේ උයන වැලිවිට, මාලඹේ ප්‍රදේශයේ පිලිපීන ජාතික කාන්තාවක පදිංචි නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයෙකු එම කාන්තාව දුෂණය කර ඇතැයි වාර්තාවේ.
මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහිවූ තරුණයෙකු බව කියන මෙම පුද්ගලයා
කාන්තාව තනිව සිටි නිවසට පැමිණ සීනුව නාද කර ඇති අතර ඇය දොර විවර කළවිට බලෙන් ඇයව තල්ලු කර නිවස තුළට පැන ඇත.

අනතුරුව ඇයගේ මුව වසා බියට පත් කර ඇයව නිවසේ කාමරයක් තුළට ඇදගෙන ගොස් එහි ඇඳක් මතදී දූෂණය කර තිබේ. දූෂණය සිදු කිරීමෙන් පසු ඔහු පළාගොස් තිබේ.

කාන්තාව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ඇතුළත් වී ප්‍රතිකාර ලද අතර රෝහල් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන්  පැමිණිලි කිරීමෙන් පසු අතුරුගිරිය පොලිස් ස්ථානය ලබා දෙන ලද තොරතුරු අනුව විමර්ශන සිදු කර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක්වූ මාලිගාගොඩැල්ල පාර, හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගෙන ඇත.
 සැකකරු  අද (9) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අදාළ කාන්තාව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තවම ප්‍රතිකාර ලබමින් සිටී.