ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු, සහස්‍ර ගණනාවක් පුරා දිවෙන ඉතිහාසයක් සහ ශිෂ්ටාචාරික සමීප සම්බන්ධතා ඇති අසල්වැසි රටවල් දෙකකි. මහින්ද මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් හා ඉන් පසුව සංඝමිත්තා තෙරණියගේ පැමිණීමත් සමඟ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට සංස්කෘතික සහ ආධ්‍යාත්මික බැඳීම් වර්ධනය වූ අතර යෝගා සහ ආයුර්වේද යන පොදු උරුමයන් තුළින් එම බැඳීම් වඩාත් ශක්තිමත් වී ඇත.
සාහිත්‍යය, සංගීතය, නැටුම් හා කලා යන ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාවය දෙරටේ සංස්කෘතිය පොහොසත් කර තිබේ.

1998 දී පිහිටුවන ලද ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය නර්තන හා සංගීත සංදර්ශන, ප්‍රදර්ශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සංස්කෘතික උත්සව වැනි පුළුල් පරාසයක ක්‍රියාකාරකම් තුළින් සංස්කෘතික සබඳතා සහ ජනතාව අතර බැඳීම් ශක්තිමත් කිරීමට මාහැඟි දායකත්වයක් ලබා දෙයි.

සංස්කෘතික මධ්‍යස්ථානයේ පන්ති

මෙම පන්ති පැවැත්වීම ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දක්ෂ හා කැපවූ ශ්‍රී ලාංකික ගුරුවරුන්ගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදු කෙරේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුනට අයත් ක්ෂෙත්‍ර යටතේ ආචාර්ය උපාධිය ලබා ඇත. මධ්‍යස්ථානයේ පවත්වනු ලබන විවිධ පන්ති සඳහා සිසුන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන ඇත.

පද්ම ශ්‍රී සම්මාන

ඉන්දියාව මගින් දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක හට ඔවුනගේ ක්ෂේත්‍රයන්හි දැක්වූ පුරෝගාමී දායකත්වය හා ඉන්දියානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් 'පද්ම ශ්‍රී සම්මාන' ප්‍රදානය කර තිබේ.

මහින්ද මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සැමරීම සඳහා පොසොන් මාසයේදී ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණයන් රැගත් 'පොසොන් පවුර' සිතුවම් ප්‍රදර්ශනය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණ.

71 වන ඉන්දීය ජනරජ දිනය සමරමින් ග්‍රැමි සම්මානලාභී පණ්ඩිත් විශ්ව මෝහන් භාත් සහ ග්‍රැමි සම්මාන සඳහා නිර්දේශ වූ පණ්ඩිත් සුභේන් චැටර්ජි යන ප්‍රවීණ ශිල්පීන් විසින් පවත්වන ලද Divine Quartet නමැති සංගීත ප්‍රසංගය කොළඹ BMICH හිදි පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.

ශ්‍රී ත්‍යාගරාජා ආරධනා 2020 - වාර්ෂික කර්ණාටක සංගීත උළෙල බම්බලපිටියේ සරස්වතී ශාලාවේදී පවත්වන ලදි.

ශ්‍රී  ලංකාවේ දස හැවිරිදි සායි දිනකර් කෞෂිගන් නමැති ළමා චිත්‍ර ශිල්පියා United Against CORONA මැයෙන් පවත්වන ලද අන්තර්ජාතික චිත්‍ර තරඟාවලියෙන් ජයග්‍රාහකයකු ලෙස නම් කරන ලද අතර ඔහුගේ Let Us Defeat COVID-19 නමැති නිර්මාණය ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක් විසින් තෝරා ගන්නා ලදී. ඉන්දියාවේ වර්ලි ගෝත්‍රික සිතුවම් කලාවෙන් ආභාසය ලත් ඔහුගේ නිර්මාණය සාම්ප්‍රදායික සහ සමකාලීන ලක්ෂණ සුසංයෝගී කරගත් අපූර්ව නිර්මාණයකි.

6 වන ජාත්‍යන්තර යෝගා දිනය ශ්‍රී ලංකා යුද හමුදාව හා එක්ව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී සමරන ලදී.

වැඩිදුර තොරතුරු සඳහා යොමු

https://www.facebook.com/IndiaInSriLanka/
https://twitter.com/IndiainSL