අවුරුදු 15 ක් වයසැති පාසල් සිසුවියක් විවාහ කර ගන්නා බව පවසා රවටා ගෙන ගොස් පෞද්ගලික නිවසක රඳවාගෙන සිටි විවාහකයකු ඉකුත් 19 වැනිදා රාත්‍රී රඳාවාන  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොම්පෙ
පොලිසිය පවසයි. සැකකරු දොම්පෙ පොලිස් වසමේ පුටුපාගල
ප්‍රදේශයේ බේකරියක සේවය කළ බදුල්ල පස්සර පදිංචි 35 වියැති එක් දරු පියෙකි. සැකකාර පුද්ගලයා තම ජංගම දුරකථනයෙන් පාසල් සිසුවිය සමග සුහදතාවය ගොඩනගාගෙන ඇති අතර පසුව එය දිනපතා හමුවීමේ ක්‍රියාවලියක් බවට පත් කරගෙන ඇත.

ඒ අනුව ඉකුත් දිනක ඔහු මෙම සිසුවිය මවුපියන්ට නොදන්වා රවටාගෙන ගොස් කිරිඳිවැල රදාවාන ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිට ඇති අතර මේ පිළිබඳ ඇගේ මවුපියන් විසින් දොම්පෙ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පෙරේදා (19) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබිණ.
-උපාලි රණවීර-