"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශය කොරෝනා පරික්ෂණවලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේ ඔවුන් කොරෝනා රෝගීන් පිළිබඳ නිවැරැදි දත්ත රටට හෙළි කිරීම නිසා බව" එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ජීන්තුපිටියෙන් හමුවූ රෝගියාට කොරෝනා තිබෙන බව ජයවර්ධනපුර පර්යේෂණාගාරය පැවසු විට ඔහුට කොරෝනා නැතැයි පවසන ලෙස සෞඛ්‍යය අමාතාංශය කළ ඉල්ලීම ඉවත දැමූ නිසා ජපුර කොරෝනා
පර්යේෂණවලින් ඉවත් කළ බවත්, තමා කියන කතාව වැරදි නම් වහා එය නිවැරදි කරන්නැයි සෞඛ්‍යය අමාත්‍යංශයට දන්වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
 කෑගලේ පැවති ජන හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා  මෙසේද කීවේය.
ආණ්ඩුව කියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරික්ෂණ හොඳ නැති බවයි. කොරෝනා සමයේ මා මෙම මගේ බිරිඳත් පරීක්ෂණ කර ගත්තේ මේ පර්යේෂණාගාරයෙනුයි. අපට කොරෝනා නැති බව ඔවුන් කිව්වා. ඒ වාර්තා නිවැරදියි.
විටින් විට ජයවර්ධනපුර පර්යේෂණාගාරයෙන් මා පරික්ෂණ කර ගන්නවා. මාගේ වාර්තා නම් කිසි දිනක වැරදි නැහැ. ඒ පර්යේෂණාගාරය හොඳ තත්වයේ පවතින බව මගේ දැනීමයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කොරෝනා තිබෙන අය වාර්තා කළා. ඒ අයට කොරෝනා නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. ජින්තුපිටියෙන් පැමිණි රෝගියාට කොරෝනා තිබෙන බව ජයවර්ධනපුර පර්යේෂණාගාරය වැසුවා. ඒ රෝගීයාට කොරෝනා නැති වී බව සදහන් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා. ජයවර්ධනපුර පර්යේෂණාගාරය ඊට එකග වූයේ නැහැ.  මා කියන දේ වැරදි නම් ඔබේ අදහස කියතැයි මා , සෙබස අමාත්‍යංශයට කියනවා. කොරෝ පොසිටිව් වන සංඛ්‍යාව අඩු කර පෙන්වන්නැයි ජයවර්ධනපුර පර්යේෂණාගාරයට බලපෑම් එල්ල වෙලා. මෙය විශාල ප්‍රශ්නයක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ පර්යේශණාගාර ප්‍රමාණවත් බවයි. ලෝකයේ අනෙක් රටවල පර්යේෂණාගාර ප්‍රමාණය වැඩි කරනවා. මෙරට තිබෙන ඒවත් ඉවත් කරනවා. සෞඛ්‍යය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පිළිගත හැකි දැයි ප්‍රශ්නයක් තියෙනවා යයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

අංජුල මහික වීරරත්න