ජපානයේ උණුසුම් උල්පත් මගින් දියනෑමේ කලාව (ඔන්සන්) ජනප්‍රියය. මේ ක්‍රමවේදය කොරෝනා සමයේ අර්බුදයකට ගියේ පොදු ස්ථාන ස්නානයට අනුචිත වීමෙනි. මෙම වෙනස හමුවේ නිවසේ සිටින අයට ඔන්සන් සහ සෙන්ටෝ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමට නව ක්‍රමවේදයක් සොයාගෙන තිබේ. මේ වන විටත් නිරෝධායන නීති ජපානයේ ක්‍රියාත්මක වන බැවින්
ඔන්සන් සහ සෙන්ටෝ පොදු ස්ථාන වෙත ඔවුන්ගේ ගනුදෙනුකාරයන්ගෙන් බහුතරයක් අහිමි වී ඇත. නමුත් මේ සඳහා නිර්මාණශීලී විසඳුමක් වශයෙන් නිවස තුළම උණුසුම් උල්පත් ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රායෝගික අත්දැකීමක් ලබා දීමට එරට කටයුතු කර ඇත. අරීමා ඔන්සන් සහ කොසුගියූද මෙම නිර්මාණශීලී ක්‍රියාවලිය සමඟ සම්බන්ධය.


නිරෝධායන ආතතියෙන් මිදීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා තානායම්වලින් සියයට 90 ක් වසා දමා ඇති අරිමා ඔන්සන්හි ස්ථාන 31ක්  මිනිත්තු 20 ක වීඩියෝ පටිගත කිරීමකින් අනතුරුව යූ ටියුබ් නාලිකාවකට දමා තිබේ. මෙය නරඹන්නන්ට තමන් ඔන්සෙන් එකක සිටින බවක් දැනෙන අතර එහි විවිධ පාරිසරික ශබ්ද හේතුවෙන්  ජනතාවට නිවෙස්වල සිටම එහි සුවපහසුව හා අත්දැකීමද ලබා ගත හැකිය.

කොසුගියු බාත් හවුස්ද ඒ හා සමාන විසඳුමක් ඉදිරිපත් කර ඇති අතර දිගු වේලාවක වීඩියෝ ක්ලිප් නිර්මාණය කර, ඒ තුළින්ද ජනතාවට නවමු අත්දැකීමක් ලබා දී තිබේ. එමෙන්ම මෙම වීඩියෝ මිලියනයකට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර නරඹන්නන්ගෙන් බොහෝ ධනාත්මක පණිවිඩද ලැබී තිබේ.

අරිමා තවත් තානායම් තුනක් මෙම වැඩසටහනට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සියලු ඔන්සෙන්ද 50 අධික කොසුගියුද මේ වීඩියෝ පට සඳහා සහය වනු ඇතැයි බලාපොරොත්තු වේ.