
රෝගය වැළඳීම නිසා ඉකුත් 9 වන දින
මාදුරුඔය කඳවුරට රැගෙන ගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.
මේ අතර එම රැඳවියාට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමගම, ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 230 ක් පමණ ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (27) පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර ඇතැයි ද වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරයේ හා එම රෝහලේ කාරිය මණ්ඩලය ද පී.සී.ආරි. පරික්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇත. බන්ධනාගර ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිත තුන්වන කොරෝනා රැඳවියා මොහු වේ. පළමු රැඳවියා වැලිකඩින් සොයා ගනු ලැබුවේ ඉකුත් හත් වැනිදාය. මාදුරුඔය දමිටින්න නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් 200 ක් පමණ පී.සී. ආර්. පරික්ෂණයට ලක් කිරීමට නියමිතය.
-ජයන්ත සමරකෝන්-