'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, ජනපති මන්දිරයේ හුදෙකලා වී සිටින බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පෙරේදා (22) යළිත් වෛද්‍ය පරික්ෂණවලට යොමු කළ බවත්, ජනපතිගේ සිරුරේ තවමත් කොරෝනා විෂබිජ ඇතැයි එහිදී තහවුරු වූ බවත් පැවැසෙයි.



බ්‍රසීල ජනපති 'කොවිඩ් 19' වෛද්‍ය පරික්ෂණයකට ලක් කළ තෙවැනි අවස්ථාව මෙයයි. ජනපතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය ජූලි 7 වැනිදාය. ඒ, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සමගය. වයිරස ආසාදිතයකු වුවත්, ජනාධිපති බොල්සරානෝගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත්, වෛද්‍යවරුන් පැය 24 පුරාවට ඔහු ගැන විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ.

ලොව දෙවැනියට වැඩිම ‘කොවිච් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන රට වන්නේ බ්‍රසීලයයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සේම, වයිරසය අවතක්සේරු කළ ජනාධිපතිවරයකු ලෙස බොල්සරානෝ බ්‍රසීල වැසියන්ගේ අප්‍රසාදයට ලක් වූ අයෙකි.

බ්‍රසීලියාහිදීය (ඒ.එෆ්.පී)