අයිශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය ආරධ්‍යා COVID-19 ධනාත්මක බව පරීක්ෂා කර ඇත.


අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් හට ඊයේ කොරෝනා වෛරස ආසාදනය වුවත් අයිශ්වර්යා දියනිය ආරධ්‍යා හා අමිතාබ් බිරිය ජයාට සෘණාත්මකවූ බව අද උදේ වාර්තා කර තිබුනි.

නමුත් සවස පැමිණි වාර්තා අනුව  නිළි අයිශ්වර්යා රායි බච්චන්

සහ ඇගේ අට හැවිරිදි දියණිය ආරධ්‍යා ද COVID-19 සඳහා ධනාත්මක වී තිබේ.
 ජයා බච්චන්, ඇගේ දියණිය ෂ්වේටා නන්දා සහ ඇගේ දරුවන් සෘණාත්මක වී තිබේ.
එම පවුලේ අගස්ති බච්චන් සහ නව්‍යා නවේලි නන්දාද සෘණාත්මක වී තිබේ.
මහාරාෂ්ට්‍ර සෞඛ්‍ය අමාත්‍ය රාජේෂ් ටෝපේ මේ පිළිබඳව ට්වීට් කරමින් මෙසේ ලිවීය.
 “අයිශ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා අභිෂේක් බච්චන් ද කොවිඩ් 19 සඳහා ධනාත්මක බව අනාවරණය වී තිබේ. ඉක්මන් සුවය පතමි ”

පියා-පුතු දෙදෙනා නැනාවතී රෝහලේ හුදකලා වාට්ටුවට ඇතුළත් කර ඇති අතර ඔවුන් ස්ථාවර තත්ත්වයේ පසුවෙන බව පවසා තිබේ.