නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සිව්දෙනෙකු අද දිනයේදී සවස 5.00 වන විට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා නිලධාරියෙකුගේ ආශ්‍රිතයින් සිව්දෙනෙකුටය.


මෙම හමුදා නිලධාරියා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මවට ද මිට දින දෙකකට පෙර වෛරසය ආසාදනය වූ බවට තහවුරැව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එලෙස වෛරසය ආසාදනය වුයේ හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරිනියකට වන අතර ඇය සේවය කළ ස්ථානයේ නිලධාරින් 31ක් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.

අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා එම හමුදා නිලධාරියාගේ පියා, සහෝදරයින් දෙදෙනා සහ මිත්තණිය බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.

මෙම හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගම අදාළ නිලධාරියාගේ නිවසේ සිටි සාමාජිකයින් 06 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඉන් 05 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.