ආන්දෝලනයක් ඇති කරමින් මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද වීඩියෝ සහ ප්‍රකාශන ගණනාවක් ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ බව දක්වමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මගින් මකා දමා තිබේ. ට්විටර් විසින්ද එවැනිම තීරණයක් ගනු ලැබ තිබේ.

ඉවත් කරන ලද අයිතම අතර ට්‍රම්ප් විසින්
ෆ්ලොයිඩ්ගේ මරණය ගැන කථා කරන වීඩියෝ දර්ශන ඇතුළත් වන අතර ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක්ද දිස්වේ.
ට්‍රම්ප් දිගින් දිගටම සමාජ මාධ්‍ය ආයතනවලට අධික බලයක් නැති බවට තර්ක කිරීමත් සමඟ මෙම සිදුවීම සිදුවිය.
පසුගිය දිනවල ට්විටර් මගින් කල් ඇතිවම ඇතැම් ප්‍රකාශන මකා දමා තිබුණත් ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් දෙකම අයත් ෆේස්බුක් සමාගම ට්‍රම්ප් ජනපතිගේ ප්‍රකාශන වලට බාධාවක් කළේ නැත. ඒ ගැන කලකිරීම නිසා ෆේස් බුක් ආයතනයේ ඇතැම් සේවකයින් ඉල්ලා අස්වූ බවටද පුවත් පළ විය.
දින ගණනාවක් විමර්ශනය කිරීමෙන් පසු ඔවුන් මේවා මකාදැමීමේ තීරණයට එළැඹ තිබේ. ඇමරිකානු ජනපතිවරයෙකුට එරෙහිව සමාජ මාධ්‍ය මේ ආකාරයට තීරණගත් පළමු අවස්ථාව ලෙස වාර්තා ගතවී තිබේ.