ඉන්දියාවේ ළාබාල ටික්ටොක් තාරකාවකගේ අභාවය ඊයේ වාර්තාවිය. තමන්ගේ කෙටි වීඩියෝ අංග කාටත් පෙනෙන සේ ඇතුළත් කළ හැකි මොබයිල් ෆොන් යෙදුමක් වන ටික්ටොක් මිලියන 1.8 ක රසික පිරිසක් සිටින 17 හැවිරිදි
සියා කක්කාර් ඇගේ නිවසේදී සිය දිවිනසාගෙන තිබේ.

දින 4 ක පමණ සිට ඇය කලකිරීමෙන් කල්ගත කළ බව නිවැසියන් දන්වා ඇත. ඇගේ කළමනාකරු ලෙස කටයුතු කළ අර්ජුන් සාරින් පවසා ඇත්තේ මියයාමට පෙර දිනයේ පවා තමා ඇය සමග අලුත් ව්‍යාපෘතියක් ගැන කතා කළ බවත් ඇයගේ වෙනසක් නොදුටු බවත්ය.
කක්කාර්ගේ බොහෝ වීඩියෝ වල තොල් සමමුහුර්ත කිරීම, ජනප්‍රිය මෙමේ ප්‍රතිනිර්මාණය කිරීම සහ කෙටි ප්‍රහසන අංග ඇතුළත් කර තිබුණි. ඇය නර්තනයට දැක්වූ දක්ෂතාවය නිසා සමාජ මාධ්‍ය වීඩියෝ අංග තුළ ජනප්‍රිය විය.
ඇයගේ අවසන් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ කළකිරුණ වාක්‍ය ඇතුළත්ව තිබූ බව වාර්තා කර තිබෙයි. ඇය මියයාම සැලසුම් කරන ලද්දක් බව පෙනෙන්නට නැති බවත් දිවිනසාගැනීමට පෙර ලිපි සටහනක් හඳුනාගන්නට නැති බවත් පොලිසිය දන්වා ඇත .කෙසේ වෙතත් මියගිය තරුණියගේ පවුලේ අය ඇයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස මාධ්‍ය වෙත ඉල්ලීමක් කර ඇත.