දිවිනසාගෙන මියගිය නළු සුෂාන්ත් සිං රාජ්පුත් පිළිබඳව බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් පසුගිය දිනක ට්විටර් පණිවුඩයක් බෙදාහදාගෙන තිබුණි. සල්මන් ඛාන්ගේ මෙම පණිවුඩයත් සමඟ ගායිකා සෝනා මොහාපත්‍රා විසින් ඔහුව "poster boy of toxic masculinity" ලෙස හඳුන්වා පිළිතුරු ට්විටර් පණිවිඩයක්ද
නිකුත් කර තිබේ.
බොලිවුඩයේ ඥාති සංග්‍රහ නිසා කලකිරී රාජ්පුත් දිවිනසාගෙන මියගිය බවට පසුගිය දිනවල ආන්දෝලනයක් හටගත් අතර
ඔහුව ප්‍රතික්ෂේප කළ නළුවන් අතර සල්මන් ඛාන්ද සිටියේය.
 සල්මාන් විසින් ඔහුගේ රසිකයන් වෙත අභාවප්‍රාප්ත නළුවාගේ රසිකයන් සමඟ නැගී සිටින ලෙස ඉල්ලමින් නිකුත් කළ ට්විටර් පණිවිඩය මේ තරම් ප්‍රතිචාර ලබන්නක් බවට පත්වූයේ ඒ නිසාය.
මියගිය නළුවා වෙනුවෙන් නැගී සිටින ලෙස තමන්ගේ සියලු රසිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් සුෂාන්ත්ට අපහාස නොකරමින් ඔහුගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සහ කරන ලෙසත් ඔහු ඉල්ලා තිබුණි. එමෙන්ම තම ආදරණීයයෙකු අහිමි වීම හේතුවෙන් අතිශයින් කණගාටුවට පත්ව සිටින  ඔහුගේ පවුලේ අය වෙනුවෙන් සහයෝගය දක්වන ලෙසත් සල්මන් ඛාන් සිය රසික ප්‍රජාවගෙන් ඉල්ලා තිබුණි.
ට්විටර් පණිවුඩයට බොහෝ දෙනෙක් නොයෙකුත් ප්‍රශ්න යොමු කර තිබුණු අතර වැඩි දෙනෙක් ඔහුගේ සංගීත ජීවිතය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න සඳහා සල්මන් ඛාන් දැඩි උනන්දුවකින් පිළිතුරු ලබා දී තිබුණි.
Rishmi Ishara