ඉන්දියාවේ දිල්ලියේ පිහිටි IIT (ඉන්දියානු තාක්ෂණ ආයතනයේ )ආදි සිසුවියක සහ මහාචාර්යවරියක විසින් සාදන ලද N-Safe නමැති මුහුණු ආවරණ මේ වනවිට ඉතා ඉහළ ඉල්ලුමක් ඇති නවෝත්පාදනයක් ලෙස ප්‍රකට වී තිබේ. එරට දේශීය
වෙළෙඳපොළ මෙන්ම  විදෙස් වෙළෙඳපොළ ජයගැනීමටද මෙම මුහුණු ආවරණය සමත්ව ඇත.
ක්ෂුද්‍රජීවීන් වැළකීම හා 50 ක් වතාවක් සෝදා භාවිතයට ගත හැකිවීම මෙම මුහුණු ආවරණයේ විශේෂත්වයයි. වෙළඳපොලේ N-95 ආවරණවල ක්‍රියාකාරීත්වයට සමාන එහෙත් මිලෙන් අඩු  එන්-සේෆ් නම් මෙම මුහුණු ආවරණ දැන් ලෝකයේ බොහෝ රටවල වෙළඳපලවල අධික ඉල්ලුමකට ලක්ව ඇත.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඩුබායි, එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල් මෙම මුහුනු ආවරණ තොග එවැන්නැයි දැන් ඉල්ලීම් කර ඇත.

කොරෝනා වසංගතය ලොව පුරා විනාශයන් තවමත් අඛණ්ඩව සිදු කරයි. එවැනි තත්වයක් තුළ ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මුහුණු ආවරණ අවශ්‍යතා පැනනැගී ඇත එහෙත් එම බොහොමයක් තනි වතාවක් භාවිතා කළ පසු ඉවත දැමිය යුතු ඒවාවේ. බොහෝ ආවරණ වලට වෛරසය නැවැත්විය නොහැක. එමෙන්ම බොහොමයක් පරිසර හිතකාමී නොවේ, ඒවා නිසි ලෙස බැහැර නොකෙරේ.

මේ සියල්ල සිහියේ තබා ගනිමින් දිල්ලි IIT හි ආදි ශිෂ්‍ය සිසුවෙකු වන ආචාර්ය අනසුයා රෝයි සහ දිල්ලි IIT හි රෙදිපිළි හා තන්තු ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආරම්භක අධ්‍යක්ෂ සහ ආරම්භක මහාචාරිනී මංගලා ජෝෂි විසින් මෙම නව නිර්මාණය සිදු කර තිබුණි.
කොරොනා වෛරසය ලොවට පැතිරවුවාය යන චෝදනාව නිසා චීන මුහුණු ආවරණවලට වෙළෙඳපොළ ඉල්ලුම අඩුවූ පසුබිමක් තුළ මෙම ඉන්දීය නිෂ්පාදනයට ඉහළ වටිනාකමක් ලැබූ බව නිරමාණ කාරියන්දන්වා ඇත.