නව කොරෝනා වෛරස් වසංගතයේ දරුණු ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටින ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අගුලු දැමීම ක්‍රියාත්මක වීමත් සමග එරට ජනතාවට කුසගින්න නිවා ගැනීමට ක්‍රමයක් නොමැති වීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. මෙවන් වාතාවරණයක් තුළ අගුලු දැමීමේදී
තමන්ගේ කුසගිනි නිවා ගැනීම සඳහා ළමයින්ට ගෙම්බන් අනුභව කිරීමට බල කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දක්නට ඇත.

නමුත් ඉන්දියාවේ බිහාර්හි ළමයින්ට මෙසේ තමන්ගේ දිවි ගලවා ගැනීම සඳහා ගෙම්බන් ආහාරයට ගැනීමට බල කෙරී ඇති බව පෙන්වන වාර්තා නොමඟ යවන සුළු බව සොයාගෙන තිබේ. එමෙන්ම පරීක්ෂණයන් අනුව හෙළි වී ඇත්තේ මෙම වීඩියෝවේ සිටින දරුවන්ගේ නිවෙස් තුළ ප්‍රමාණවත් ආහාර ඇති බවත් ඔවුන් සෑම දිනකම නිසි පරිදි ආහාර ගන්නා බවත්ය.


එනමුත් ඉන්දියාවේ නව කොරෝනා වසංගත පසුබිම තුළ ඇතැම් මාධ්‍ය සංවිධානය මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළකර තිබෙන්නේ සමහර දරුවන්ට ගෙම්බන් අනුභව කිරීමෙන් දිවි ගලවා ගැනීමට බල කෙරී ඇති බවට වීඩියෝවක්ද පළකරමිනි. නමුත් මෙම වාර්තා පළවීමත් සමග ජෙහානාබාද් දිසා මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. මෙම පරීක්ෂණ වාර්තා වලට අනුව මෙය ව්‍යාජ පුවතක් බව අනාවරණය වී තිබේ.

එමෙන්ම බිහාර් තොරතුරු හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව සිය නිල ගිණුමෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ද ළමයින් ගෙම්බන් අල්ලා ආහාරයට ගන්නා පුවත පිළිබඳව කළ  පරීක්ෂණයෙන් අනතුරුව හෙළි වූයේ ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය දැනටමත් එම ළමුන්ගේ නිවෙස් තුළ ඇති බවත් මෙය වගකීම් විරහිත පුද්ගලයන් විසින් ප්‍රචාරය කරන ලද ව්‍යාජ වීඩියෝවත් බවත්ය.

ලෝකයේ බොහෝ රටවල් වල ජනතාව මෙසේ ගෙම්බන් ආහාරයට ගනු ලැබුවද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය අලාළා මෙසේ ළමයින්ට ගෙම්බන් කෑමට බල කෙරේ යයි පලවන පුවත ව්‍යාජ පුවතක් බව මේ වන විට තහවුරු වී තිබේ. එබැවින් මෙවැනි ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු ද නිසියාකාරව ඔප්පු කිරීමෙන් අනතුරුවයි.

- රිෂ්මි ඉෂාරා -
[May05, 2020 - Gossiplankanews.com]