ආර්ථික අගහිඟකම් ඇති මේ කාලයේ ලොතරැයි දිනුම් ඇදීමක් සිදුවන්නේ නම් එය සතුට දනවන විමතිය දනවන කාරණයකි. කෙනෙකුට එක් දිනුමක් නොව දිනුම් දෙකක් එකවර ලැබීම ඊටත් වඩා විමතියට හේතුවකි.

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පුද්ගලයෙකු එක් දිනක් තුළ එකම අංක සහිත ලොතරැයි  දෙකක් දිනා ගැනීමේ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ මෙම ලොතරැයි ත්‍යාග මුදල ලැබී ඇත්තේ ජෝ-බී නැමැති පුද්ගලයෙකුටයි.
ලොතරැයි කාර්ය මණ්ඩලයේ මෙම ත්‍යාග මුදල දිනාගත් ද්විත්ව ජයග්‍රාහකයා වන ජෝ-බීගෙන් ඔහු එම මුදල් වලින් කුමක් කරනු ඇත්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ “ප්‍රධානියාට ඒ සඳහා සැලසුම් තිබේ” යනුවෙනි.

කොලරාඩෝ ප්‍රාන්තයේ ජෝ-බී එක් දිනකදී එකම සංඛ්‍යා සහිත ඩොලර් මිලියන 1 ක ලොතරැයි ත්‍යාග දෙකක් මෙසේ දිනා ගැනීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ පුවතකි. එමෙන්ම මෙම කොලරාඩෝ ලොතරැයිය දිනාගත් ජෝ-බී විසින් මාර්තු 25 වන දින උදෑසන ටිකට්පත් කිහිපයක් මිලදී ගෙන ඇති අතර තවත් කිහිපයක් රාත්‍රියේදී මිලදී ගෙන ඇති බව එරට ලොතරැයි ඒජන්සිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ජෝ බී විසින් ඔහුගේ පවර්බෝල් ත්‍යාග දෙක සිකුරාදා දිනයේදී ඉල්ලා සිටි බවද වාර්තා වේ. කෙසේ වෙතත් ජෝ බීගෙන් කොලරාඩෝ ලොතරැයිය හරහා ලැබුණු මුදල් වලින් කුමක් කරනු ඇත්දැයි විමසූ විට ඔහු පැවසුවේ “ප්‍රධානියාට ඒ සඳහා සැලසුම් තිබේ” යනුවෙනි. ඔහු මෙසේ පැවසීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය මෙම කියමන කෙරෙහි යොමු වී තිබුණි. කෙසේ වෙතත් කොලරාඩෝ ලොතරැයි ද්විත්ව ත්‍යාගයක් මෙසේ එක් පුද්ගලයකුට හිමිවීම ඉතා අහඹු මෙන්ම විශේෂ සිදුවීමකි.

- රිෂ්මි ඉෂාරා -