පසුගියදා මියගිය ජනප්‍රිය බොලිවුඩ් නළු රිෂී කපූර්ගේ දියණිය රිද්දීමා කපූර්, අන්තර්ජාලයේ බෙදාගත් සිය පියාගේ ඡායාරූපයක් ගැන විස්තර පළව තිබේ.
රිද්දීමා කපූර්, රිෂි කපූර්, නීතු කපූර් සහ සමාරා නිල් පැහැති ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක්
රිද්දීමා කපූර් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදාගෙන තිබුනි. තම පවුලේ ඡායාරූපය ඇය මෙසේ බෙදා හදාගෙන තිබුණේ පැරණි මතකයන් ආවර්ජනය කරමිනි.

මෙම ජනප්‍රිය නළුවා දිගු කාලයක් තිස්සේ පිළිකාවක් හේතුවෙන් නිව්යෝක් නුවරදී ප්‍රතිකාර ලබමින් සිට ඇති නමුත් ඔහු මීට මාස කිහිපයකට පෙර බිරිඳ නීතු කපූර් සමඟ නැවත ඉන්දියාවට පැමිණ තිබේ. එහෙත් රිෂි කපූර් 2020 අප්‍රේල් 30 වන දින සිය ජීවිතයෙන් සමුගනු ලැබුවේ  පවුලේ සාමාජිකයන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත රසික ජනතාවද ශෝකයෙන් මුසපත් කරමිනි.

රිෂි කපූර්ගේ අකල් වියෝවෙන් පසු ඔහුගේ දියණිය රිද්දීමා කපූර් ඇගේ පියාගේ මතකයන් නිතරම සිහිපත් කරන්නේ ඉතා සංවේදී අයුරිනි. පසුගිය කාලය පුරාවටම ඇය මෙවැනි ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදාගෙන තිබුණි.
රිෂ්මි ඉෂාරා