ඉර්ෆාන් ඛාන් සහ ශ්‍රීදේවි යනු බොලිවුඩ් අඹරට පෑයූ දීප්තිමත් තරු යුවළකි. නමුත් අවාසනාවකට මෙන් මොවුන් දෙපළ මෑතකදී බොලිවුඩ් තිරයෙන් මෙන්ම තම ජීවිතවලින් ද සමුගන්නා ලදී. මොවුන් දෙපළගේ
මරණය පිළිබඳව  විහිළු සහගත අයුරින් කතා කළ පාකිස්තානයේ රූපවාහිනි නාලිකාවක ප්‍රබලයකු වන අමීර් ලියාකට් හුසේන්  ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව අයැද තිබේ.

ඔහු මෙම රංගන ශිල්පීන් දෙදෙනාව නින්දා සහගත ලෙස අපහාසයට ලක් කිරීම බොහෝ දෙනාගෙන් පිළිකුලට හේතුවී තිබුණි. අමීර් ලියාකට් පවසා ඇත්තේ ඇඩ්නාන්, ශ්‍රී දේවී සහ ඉර්ෆාන් ඛාන් සමඟ වැඩ කිරීම හේතුවෙන් ඔවුන් අභාවප්‍රාප්ත වූ බවයි. එමෙන්ම ඔහබ මර්ඩානි 2 සහ ජිස්ම් 2 චිත්‍රපටවල චරිත  ප්‍රතික්ෂේප කළ නිසා එම චිත්‍රපටයේ නළු නිළියන් ඔබට ණයගැතියි යනුවෙන්ද ඔහු ප්‍රකාශ කොට තිබුණි. කෙසේවෙතත් ඇඩ්නාන් එම ප්‍රකාශය හේතුවෙන් අපහසුතාවයට පත්වී ඇත. එමෙන්ම මෙය විහිලුවක් කළ යුතු කාරණාවක් නොවන බව ද ඔහු පැහැදිළි කර තිබුණි. මෙම ප්‍රකාශය තමන්ට දැඩි කම්පනයක් එල්ල කළ බවත් එය ජනතාවට තමන්ගේ අංග චලනයන් තුළින් වටහා ගත හැකි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ඉතා සංවේදී අයුරිනි. එමෙන්ම ඔහුගේ සමාජ මාධ්‍ය පණිවිඩ මගින් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඉතා කණගාටුවට පත්වන බවත් එය කිසිසේත් අනුමත කළ නොහැකි ප්‍රකාශයක් බවත්ය.

කෙසේ වුවද අවසානයේ ලියාකට් හුසේන් සෙනසුරාදා වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පැවසූ දේවල් සම්බන්ධයෙන් සමාව අයැද සිට ඇත. එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සමහර අවස්ථාවන්වලදී තමන්ට වචන පාලනය කරගැනීමට නොහැකි වූ බවත් පසුව ඒ පිළිබඳව සිතීමේදී එය කිසිසේත් සුදුසු නොවන ප්‍රකාශයක් බවත් තමන් වටහා ගත් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් තමා සැබැවින්ම කණගාටුවට පත්වන බව ඔහු සංවේදිව පවසා ඇත.

(රිෂ්මි ඉෂාරා)