පාකිස්තානයේ කරච්චි නුවර සිකුරාදා සිදුවූ ගුවන් අනතුරෙන්  මේවනවිට ගොඩබිමේ හා යානයේ සිටි 97 ක් මියගොස් ඇති බව තහවුරුවී ඇත. දිවි ගලවා ගත් අයගෙන් එක් අයෙකුවන මුහම්මද් සුබෙයාර් ඔහුගේ අත්දැකීම මේ වනවිට විදෙස් මාධ්‍යයේ විස්තර කර තිබෙයි. ඔහු පවසා ඇත්තේ අනතුරක සේයාවක්වත් නොදැනුන තමන්ට එකවර කඩාවැටීමෙන් පසු දැකගත හැකි වූයේ “ගින්නක්” බවයි.
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) එයාර් බස් ඒ 320 යානය ගොඩ බැස්වීමට පෙරාතුව ගුවන් තොට ආසන්නයේ නේවාසික ජනාකීර්ණ  ස්ථානයකට කඩා වැටීමෙන් පසු දිවි ගලවා ගත් මගීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වූයේ මුහම්මද් සුබෙයාර් ය.


ඉරිදා ඊද් නිවාඩුවට පෙර ගමන් කළ බොහෝ පවුල් ද ඇතුළුව මගීන් 91 ක් සහ කාර්ය මණ්ඩලය අට දෙනෙකු රැගත් ගුවන් බස් A320 ගුවන් යානය ලාහෝර් සිට ගමන් කරන්ට සුබයර්ද එක්ව ඇත්තේ නිවෙස වෙත යාමටය.

එය කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කරමින් සිටියේ දේශීය වේලාවෙන් 14: 30 ට (GMT 09:30) පමණය.
සුළු තුවාල වලින් පමණක් තුවාල ලැබූ සුබෙයාර් මහතා කියා සිටියේ යානය ගොඩබැස්සවීමට උත්සාහ කළ ආකාරය ගැන ඇතුලේ කිසිවෙකුට ගැටලු තත්වයක් හැඟී නොගිය බවයි. යානය පහත් කරන බව මගීන්ට දන්වා සිටීමෙන් පසුව විනාඩි 10-15 කට පසුව අනතුරට ලක් වූ බව ඔහු කියා ඇත.

"යානය ​​කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නැහැ ඔවුන් යානය සුමට ලෙස පියාසර කරමින් සිටියා. යානය පහත්වන බව යංතම් මතකයි. ඒ එක්කම මට සිහි නැතිවෙලා. ටිකකට පසු යංතං සිහිය එනකොට මට සෑම දිශාවකින්ම කෑගැසීම් ඇසුණා. ළමයින් සහ වැඩිහිටියන්ගේ ශබ්ද ඇසුණා. මට දැක ගත හැකි වූයේ ගින්නක් පමණයි. ඔවුන්ගේ කෑගැසීම් ඇරෙන්න මට එතැන කිසිවෙකු දැකිය හැකි වුනේ නෑ - ".
අනතුරෙන් පසු ඔහු බේරාගැනීමට අවට සිටියවුන් ක්‍රියා කර තිබූ අතර ඔහු මෙසේ ඒ ගැන කියා සිටියේය.
"මම මගේ ආසන පටි විවෘත කරද්දි යම් ආලෝකයක් දැක්කා- මම ආලෝකය දෙසට ගියා. මට ආරක්ෂිතව යාමට අඩි 10 ක් (මීටර 3 ක්) පමණ පහළට පනින්නට සිදු වුණා."
(බීබීසී ඇසුරිනි)
-සූසර් ජයනන්ද
[May23, 2020 - Gossiplankanews.com]