ජාතික සෞඛ්‍ය සේවා (NHS) නිලධාරීන් ගැන බොහෝ දෙනා මේ දිනවල කතාබහ කරති. එමෙන්ම NHS හෙදියන් විශාල පිරිසක් නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ බව ද නොරහසකි. මෙවැනි වාතාවරණයක් තුල NHS හෙද නිලධාරියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන්  වන පුවතක් එගලන්තයෙන් වාර්තා විය.
මෙම හෙද නිලධාරියා සහ ඔහුගේ සගයන් දෙදෙනා 2014 සිට නෝර්ත්හැම්ප්ටන්ෂයර් හෙල්ත්කෙයාර් එන්එච්එස් පදනම් භාරයෙහි සේවය කර ඇත. සංකීර්ණ සංජානන හා සංවේදී අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවෙන් ඔවුන් සේවය කර තිබේ.

හෙද නිලධාරී ඔගස්ටින් දරුවන් හතර දෙනෙකුගේ ආදරණීය පියෙක් බවත්  ඔහුගේ වියෝවෙන් තමුන් බොහෝ සේ කම්පාවට පත් වී ඇති බවත් ඔහුගේ පවුලේ උදවිය පවසා තිබෙන්නේ ඉතා කණගාටුදායක අයුරිනි.

කොරෝනා වෛරසයට ගොදුරු වූවන් හට උපකාර කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළ  අවංක සේවකයකු වූ මෙම NHS හෙද නිලධාරියා මෙම වෛරසය හේතුවෙන්ම මරණයට පත්වීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් පවා කම්පාවට පත්ව තිබේ. NHS ප්‍රධාන විධායක ඇන්ජෙලා හිලරි පවසා ඇත්තේ ද ඔගස්ටින් වෙනුවෙනුත් ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධයෙනුත් තම කාර්ය මණ්ඩලය අතිශය ශෝකයට පත්වන බවයි. මේ කාල පරාසය තුළ ඔවුන්ට සහාය දැක්වීමට තමන් අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් දිවි අහිමි වීමට ඉඩ තිබූ බොහෝ දෙනෙක්ගේ ජීවිත නැවත ලබාදීමට වෙහෙස වූ මෙම NHS හෙද නිලධාරියා තම සේවය වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ අවංක සේවකයෙකි. නමුත් ඔහුට මෙම වෛරසය හේතුවෙන් මිය යාමට සිදුවන්නේ ඉතා අවාසනාවන්ත අයුරිනි.

මෙම ශ්‍රේෂ්ඨ සගයාට ගෞරවයක් වශයෙන් මේ වනවිට අරමුදලක් ද පිහිටුවා ඇති අතර එමගින් ඔහුගේ පවුලේ උදවියට උපකාර කිරීමට බලාපොරොත්තු වේ. මෙම දුක්ඛිත අවස්ථාවේදී ඔහුගේ පවුලට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානියේ බොහෝ පිරිසකගේ සහයෝගය මේ වන විටත් ලැබී ඇති බව වාර්තා වේ. නව කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තම දිවි කැප කළ තවත් බොහෝ NHS සේවකයන් විශාල පිරිසක් සිටී. ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ද තමන්ට හැකි අයුරින් උදව් උපකාර කිරීමට එරට ජනතාව කටයුතු කර ඇත.  නමුත් එක්සත් රාජධානියට මෙම නව කොරෝනා වෛරසයේ බලපෑම තවමත් පවතී.
රිෂ්මි ඉෂාරා